සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මඟහැරුණු සිසුන්ට වෙනත් දිනයක්.

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ සිසුන්ට වෙනත් දිනයකදී ඊට පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණය සහ ගංවතුර තත්ත්වය හමුවේ සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත ළඟා වීමට දැඩි බාධා එල්ල වී ඇති බවට ලැබුණු වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව, ගංවතුර තත්ත්වය පහව ගිය පසු අදාළ විභාග මධ්‍යස්ථානය වෙත ගොස් අතිරේක ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයක් ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දී තිබේ.

විභාගය මඟහැරුණු කිසිදු සිසුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බැවින්, මේ සම්බන්ධයෙන් සිසුන් හෝ දෙමව්පියන් කිසිදු ආකාරයක අනවශ්‍ය කලබලයක් හෝ බියක් ඇති කරගත යුතු නොමැති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

Hot this week

සර්බියාවේ දශකයක වුචිච් පාලනය හමාරයි

සර්බියානු පාර්ලිමේන්තු මැතිවරණයේදී දශකයකට ආසන්න කාලයක් පැවති ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ...

නාමල් රාජපක්ෂ යළි අධිකරණය හමුවට!

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබාගත් බව...

“මූල්‍ය පද්ධතියක් ශක්තිමත් වෙන්නේ නීති හදලා විතරක් මදි”

රටක මූල්‍ය පද්ධතියේ ශක්තිය තීරණය වන්නේ ආයතන හා රෙගුලාසි...

සෞදි තානාපති අමේර් අජ්වාඩ් අනෝජන් සිවරාසා හමුවෙයි

මරණ දඬුවම අහෝසි වී නැවත නඩු විභාගයට යොමු වූ...

අයහපත් කාලගුණය නිසා අද දිවයිනේ සියලු පාසල් සහ පෙරපාසල් නිවාඩු. 

දිවයින පුරා පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්...

Topics

උණ 102ට නැග්ගත් රෝහල් නොගියේ මාව මරන්න හිටපු නිසා!

තමන් වහන්සේ රජයේ රෝහලකට ඇතුළත් වුවහොත් ඝාතනය කිරීමේ සූදානමක්...

ශෂී වීරවංශගේ අභියාචනයට නොවැම්බර් 18 දින නියම වෙයි

අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර චෝදනාවට වසර දෙකක සිර දඬුවම්...

නීතිය ඉදිරියේ සලේට විශේෂත්වයක් නෑ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවන රාජ්‍ය...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron