එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (27) පෙරවරුවේ අලුත්කඩේ මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
අදාළ නඩුව පසුගිය 13 වැනිදා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, නාමල් රාජපක්ෂ මහතා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබුණි.
එදින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් මෙන්ම සැකකාර මන්ත්රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර, දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්රාත්වරයා විසින් එම නියෝගය ලබාදෙන ලදී.
ඒ අනුව, අදාළ නඩුව අද දින යළි අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.


