ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙවරක් ග්ලෝබල් ෆයිනෑන්ස් මහා බැංකුකරු (Global Finance’s Central Banker Report Card 2025) ‘A’ ශ්‍රේණියක් ලබා ගැනීමට සමත්ව තිබේ.
ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයේදී මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට ඔහු දැක්වූ සුවිශේෂී දායකත්වය සහ උපායමාර්ගික දැනුම සැලකිල්ලට ගෙන ඔහු මෙම ‘A’ ශ්‍රේණිය ලබා තිබේ.
මෙම ග්ලෝබල් ෆයිනෑන්ස් වාර්ෂික මහ බැංකු අධිපතිවරුන් ඇගයීම 1994 සිදු කරන්නක් වන අතර, ඒ සඳහා ලොව ප්‍රධාන පෙළේ රටවල් 100කට ආසන්න මහා බැංකු අධිපතිවරුන් ඇගයීම සිදු කරනු ලබයි.
උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදල් ස්ථාවරත්වය, පොලී අනුපාත කළමනාකරණය සහ දේශපාලන ස්වාධීනත්වය වැනි ක්ෂේත්රවල සාර්ථකත්වය මත ‘A+’ සිට ‘F’ දක්වා වූ කාණ්ඩ යටතේ මෙලෙස ලොව පුරා සිටින මහා බැංකු අධිපතිවරුන්ගේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය මනිනු ලැබේ.
විවිධ ශ්‍රේණිය යටතේ ඇගයීමට ලක්වූ මහා බැංකු අධිපතිවරු ලෙස,
A+ ශ්‍රේණිය
- ඩෙන්මාර්කය – ක්‍රිස්ටියන් කෙටෙල්
තොම්සන් - එක්සත් ජනපදය – ජෙරොම්
හේන්ඩල් පවෙල් - වියට්නාමය – න්ගුයෙන් ති හොං
A ශ්‍රේණිය
- චිලී – රොසැනා කොස්තා
- කොස්ටාරිකාව – රොජර් මැඩ්‍රිගල්
ලෝපෙස් - ඉන්දුනීසියාව – පෙරී වර්ජ්යෝ
- ජැමෙයිකාව – රිචඩ් බයිල්ස්
- කෙන්යාව – කමාවවු තුගේ
- මොරොක්කෝව – අබ්දේල්ලතිෆ්
ජුවාහ්රි - පැරගුවේ – කාලෝස් කාර්වාලෝ
ස්පාල්ඩින් - පේරු – ජුලියෝ වෙලාර්ඩ් ෆ්ලෝරස්
- ශ්‍රී ලංකාව – නන්දලාල් වීරසිංහ
ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහා බැංකුවේ 17 වන අධිපතිවරයා විය. නන්දලාල් වීරසිංහ ජාත්‍යන්තර මුදල් අරමුදලේ විකල්ප විධායක අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී 2011 සැප්තැම්බර් 27 වන දින නියෝජ්‍ය අධිපති පදවියට පත්විය. අනතුරුව 2012 සැප්තැම්බර් 01 දින ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස කටයුතු අරඹා ඇත. ඕස්ට්‍රේලියානු නැෂනල් යුනිවසිටියෙන් ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය හා පශ්චාත් උපාධිය හිමිකරගත් නන්දලාල් වීරසිංහ, කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.


