නිශ්ශංකගේ පිත්ත සිම්බාබ්වේට එරෙහි තරගාවලි ජයග්‍රහණය සහතික කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය – 2025
දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය
හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය – 31.08.2025

සිම්බාබ්වේ – 277/7 ( බෙන් කරන් 79, ෂිකන්දර් රාෂා 59*, ක්ලයිව් මඩන්ඩේ 36 | චමීර 3-52, අසිත 2-67)
ශ්‍රී ලංකාව – 278/5 (නිශ්ශංක 122, අසලංක71*, සධීර 31 | එන්ගරාවා 2-53, එවන්ස් 2-54)

පැතුම් නිශ්ශංකගේ අනර්ඝ ශතකයත්, නායක චරිත් අසලංකගේ නායකත්වයේ ඉනිමත් ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය සහ දෙවැනි තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබා දීමට අද (31) සමත් විය.

2014 වසරින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් පිට ද්විපාර්ශ්වික එක්දින තරගාවලි 19 කට තරගවැදී ජයගත් තරගාවලි

  • අයර්ලන්තයට එරෙහිව 2016 | 2-0
  • ස්කොට්ලන්තයට එරෙහිව 2019 | 1-0
  • සිම්බාබ්වේට එරෙහිව 2025 | 2-0

තරගාවලියේ ජයග්‍රහණය සේම එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි ස්ථානය රැක ගැනීමේ අරමුණින් ලකුණු 278ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ සහාය පිතිකරු ලෙස නුවනිදු ප්‍රනාන්දු සමගිනි. පෙර තරගයට ක්‍රීඩා කළ නිශාන් මධුශ්ක ආබාධයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායමට එක් වූ නුවනිදුට බලාපොරොත්තු වූ සාර්ථකත්වයට පත් වීමට නොහැකි වන අතර බ්‍රැඩ් එවන්ස්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී දැවී යන්නේ පන්දු 27ක දී ලකුණු 14 ක් ලබා සිටියදී ය.

ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ට අද දිනය සුභදායි දිනයක් නොවූ අතර එවන්ස්ගේ පන්දුවකටම තරමක් විශාල පහරක් එල්ල කිරීමට ගොස් ඔහු දැවී යන්නේ හතරේ සීමාව ආසන්නයටම උඩපන්දුවක් ලබා දෙමින්ය. තුන්වැනි කඩුල්ල ලෙස සධීර සමරවික්‍රම ලකුණු 31 ක් ලබා සිටියදි අනවශ්‍ය පහරකට ගොස් උඩපන්දුවක් ලබා දී දැවී ගියේය.

පැතුම් නිශ්ශංක සිය එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 7වැනි ශතකය වාර්තා කිරීමට සමත් විය. ඒ සදහා නිශ්ශංකට වැය වුණු ඉනිම ගණන 71කි. පන්දු 136 කට මුහුණ දී ලකුණු 122 ක් ලබා සිටි නිශ්ශංක, එන්ගරාවාගේ පන්දුවකට එල්ල කළ වේගවත් පහර උඩපන්දුවකට පරිවර්තනය කරගැනීමට අතිරේක ක්‍රීඩක වෙස්ලි මෙඩිවේරේ සමත් වූ අතර නිශ්ශංක දැවී යද්දි ශ්‍රී ලංකා ජයග්‍රාහි ඉලක්කය පන්දු 33කදි ලකුණු 42ක් විය.

චරිත් අසලංක තම එක්දින දිවියේ 17වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර එය ඔහු මවුබිමෙන් පිට ඉනිම 29කදි රැස් කළ 5වැනි ලකුණු පනහට වැඩි ඉනිමයි. ශ්‍රී ලංකාවෙදි ඉනිම 41 දි ඔහුගේ 52+ ඉනිම ගණන 17කි.

පිතිකරුවන්ට වාසිදායක තනතීරුවක කාසියේ වාසිය ලද ශ්‍රී ලංකා නායක චරිත් අසලංකගේ ආරාධණයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේදි ලකුණු 278 ක ඉලක්කයක් ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත ලබා දීමට සමත් විය.

සිම්බාබ්වේ ඉනිමේ මධ්‍ය අර්ධය ඇද බැද තබාගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත් වූ නමුත් ඉනිමේ ආරම්භයේ සහ අවසන් පන්දුවාර දහයේදි සාර්ථක වීමට සිම්බාබ්වේ පිතිකරුවන් සමත් විය. තරගාවලියේ පිට පිට ලබාගන්නා දෙවැනි අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ සිම්බාබ්වේ ආරම්භක පිතිකරු බෙන් කරන් හා ෂිකන්දර් රාෂා එහි ප්‍රධාන සම්මාදම්කරුවන් විය.

සිම්බාබ්වේ ඉනිමේ අවසන් පන්දුවාර 10 දි කඩුළු 2කට ලකුණු 83ක්ද පළමු පවර්ප්ලේ පන්දුවාර 10දි කඩුල්ලක් දැවී ලකුණු 55ක්ද වාර්තා විය. නමුත්, 10වැනි පන්දුවාරය සහ 40වැනි පන්දුවාරය අතර පන්දුවාර 30දි වාර්තා වන්නේ කඩුළු 4කට ලකුණු 139ක් පමණක්ය.

නිත්‍ය පන්දුයවන්නන් සිවු දෙනෙක් පමණක් රැගෙන තරගයට පිවිසුනු ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වැනි පන්දුයවන්නාගේ වගකීම ජනිත් ලියනගේ පෙර තරගයට සාපේක්ෂව හොදින් ඉටු කළේය. එසේම නායක චරිත් අසලංක පන්දු යවන්නන් මාරු කිරීමේ සැලසුම්සහගතව සිදු කළ නමුත් පිටියේ පන්දුරකින්නන් ස්ථානගත වීමේදි කාලය ගතවීමේ අඩුපාඩුව ඉනිම පුරාම දැකගැනීමට හැකි විය. සමස්තයක් ලෙස පන්දු රැකීම හොද තත්ත්වයක පැවැතියද අපහසු උඩපන්දු දෙකක්ම ගිලිහී යනු දක්නට ලැබිණි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron