යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදුකෙරෙන පස් වන අදියරේ, හත්වන දිනය (අගෝස්තු 31) කැණීම් වලින් තවත් මිනිස් සිරුරු 12 කට අයත් අස්ථි කොටස් මතු කරගෙන ඇතැයි කැණීම් නිලධාරීහු පවසති.
ඒ අනුව, මේ දක්වා සිදුකළ කැණීම්වලින් මිනිස් සිරුරු 209 කට අදාල අස්ථි කොටස් මතු කරගෙන ඇති බවද, ඔවුහු පැවසූහ. ඉන් මිනිස් සිරුරු 191 කට අදාල අස්ථි කොටස් ගොඩගෙන තිබේ.
චෙම්මනි ප්‍රදේශයේ පස්වන අදියරේ කැණීම් කටයුතු අගෝස්තු 25 වෙනදා සිට සැප්තැම්බර් 7 දක්වා ක්‍රියාත්මක වේ.
යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ ආනන්ද රාජාගේ අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, යාපනය විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් කැණීම් කටයුතු කෙරේ.
කැනීම් කටයුතුවලින් හමුවූ භාණ්ඩ යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ, යාපනය විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් බාරයේ තිබේ


