සැප්. 15 : කච්චතිව් නඩුවේ අවසන් විභාගය සහ ජනාධිපති සහෝදරයා !

ජනාධිපතිවරයාගේ කච්චතිව් ගමන ගැන මාධ්‍යවේදී ශාලික විමලසේන ලියූ සටහනක්.

2025 අප්‍රේල් මෝදි ලංකාවට එන බව නිල වශයෙන් නිවේදනය කළ විගස තමිල්නාඩු මහ ඇමැති ස්ටාලින් කී එක කතාවකි, කච්චතිව් ඉන්දියාවට ගත යුතු බව.

නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරට අගමැති ධුරයට තරග කරන අවස්ථාවේදී ද මේ පිළිබඳ සංවාදයක් මතු විය. එවකට තමිල්නාඩු මහ ඇමැති කේ.ස්ටාලින් මෝදිට පවසා තිබුණේ ශ්‍රී ලංකාවට අයත්ව තිබෙන කච්චතිව් දූපත අනිවාර්යෙන්ම නැවත ඉන්දියාවට පවරාගත යුතු බවයි.

මෙය හැත්තෑව දශකයේ සිට වරින්වර උඩට එන – යටට යන මාතෘකාවකි.

මේ ගැන කරුණානිධි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදැමූ නඩුවේ විභාගයත් ලබන සැප්තැම්බර් 15 වැනිදා අවසන් කිරීමට නියමිත ය. 1974 ජුනි 26, 28 සහ 1976 මාර්තු 23 කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරාදීමට අදාළ ගිවිසුම්වලට අත්සන් තැබිණි. මේ නඩුවේදී දැඩි අවධානයක් යොමු වූ තවත් කරුණක් වන්නේ ඉන්දීය මධ්‍යම රජය විසින් කච්චතිව් ලංකාවට පැවරීමේ තීන්දුව ගෙන තිබෙන්නේ තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය සමග කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමෙන් නොවන බවයි. එය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රාන්ත රාජ්‍යය බලතලවලට සෘජුව මැදිහත්වීමක් බව ද මේ නඩුවේදී පෙත්සම්කරුවන් පෙන්වා දී තිබිණි.

කච්චතිව් දූපත, කන්කසන්තුරයේ සිට කිලෝමීටර් 75.2ක් නිරිතදිගින් පිහිටා තිබේ. මේ දූපතට වඩාත් ආසන්නයෙන් පිහිටා තිබෙන්නේ ඩෙල්ෆ්ට් දූපතයි. ඩෙල්ෆ්ට් සහ කච්චතිව් දූපත් අතර පවතින දුර කිලෝමීටර් 23.5කි. කච්චතිව් දූපතට වඩාත් ආසන්නයෙන් පිහිටි ඉන්දීය ගොඩබිම් ප්‍රදේශය වන්නේ පම්බන් දූපතේ පිහිටි රාමේෂ්වරම් ප්‍රදේශයයි. රාමේෂ්වරම් ප්‍රදේශය කච්චතිව් දූපතේ සිට කිලෝමීටර් 24.7ක් තරම් දුරකින් පිහිටා තිබේ. 1964 වසරේදී සුළි කුණාටුවක් නිසා විනාශ වූ ධනුෂ්කොඩි නගරය ද කච්චතිව් දූපතේ සිට කිලෝමීටර් 25.1ක දුරකින් පිහිටා ඇත. එමගින් පැහැදිලි වන්නේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් ඩෙල්ෆ්ට් දූපත සහ දකුණු ඉන්දියාවට අයත් රාමේෂ්වරම් ප්‍රදේශයට ආසන්න වශයෙන් සමාන දුරකින් පිහිටා තිබෙන බවයි.

බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාව සම්පූර්ණයෙන්ම පාලනය කරන කාලයේ සකස් කළ සිතියම් කිහිපයකම දැක්වෙන්නේ කච්චතිව් දූපත ලංකාවට අයත් බවයි. ඒ අතරින් එක් සිතියමක් සකස් කර තිබෙන්නේ 1857 වසරේදී ජෝන් ඇරෝස්මිත් ය. ඒ සිතියමේ කච්චතිව් යාපනය අර්ධද්වීපයට අයත් දූපතක් බව පැහැදිලිව දක්වා ඇත. බ්‍රිතාන්‍ය ජාතික සිවිල් නිලධාරියකු වූ සර් ජේම්ස් එමර්සන් ටෙනස්ට් 1860දී සිලෝන් නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළ අතර, එහි දැක්වෙන්නේ ද මේ දූපත ලංකාවේ උතුරු ප්‍රදේශයට අයත් බවයි.

කච්චතිව් දූපතේ විශාලත්වය අක්කර 285කි. එය ධීවර කටයුතු සඳහා ඉතා වැදගත් ප්‍රදේශයක් වන අතර, සාගර සම්පත් ගවේෂණ කටයුතු සඳහා ද වැදගත් ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබේ. මූලාශ්‍රවලට අනුව මේ දූපත පිහිටි ප්‍රදේශයේ අතීතයේ සිට වෙළෙඳ ගනුදෙනු ද සිදු වී ඇත. ස්වභාව සෞන්දර්යයෙන් අනූන ප්‍රදේශයක් වන මෙහි ස්වභාවික ඛනිජ තෙල් සහ ගෑස් ඇති බවට ද මතයක් පවතී.

20 වැනි සියවසේ මුල් භාගයේදී කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳව පළමු ගැටලු‍ව මතු විය. ඒ ගැටලු‍‍ව විසඳාගැනීමට 1921දී දෙරට අතර සාකච්ඡාවක් පැවතිණි. මූලාශ්‍ර අනුව පෙනීයන්නේ මේ සාකච්ඡාවට ලංකාවෙන් සහ ඉන්දියාවෙන් නියෝජිතයන් සිව්දෙනා බැගින් සහභාගි වී ඇති බවයි. මාස හතක් මේ සාකච්ඡා පවත්වා ඇත. එහිදී ඉන්දියානුවන් ඉදිරිපත් කර ඇති ප්‍රධාන තර්කයක් වන්නේ කච්චතිව්හි පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය වැඳපුදා ගැනීමට අතීතයේ සිට දකුණු ඉන්දීය කතෝලිකයන් එහි පැමිණ තිබෙන නිසා දූපතට ඔවුන්ට අයිතියක් ඇති බවයි. තමිල්නාඩුවේ රාමනාථපුරම්හි රාමනාද් පෙළපත 19 වැනි සියවස මුල් භාගයේ කච්චතිව් දූපත පාලනය කළ බවට ද එහිදී තර්කයක් ඉදිරිපත් වී තිබේ.
එම තර්කවලට පිළිතුරු දෙමින් ලංකාවේ නියෝජිත පිරිස පැරණි ඉතිහාස මූලාශ්‍ර උපුටා දක්වමින් පෙන්වා දී ඇත්තේ යාපනයේ රජකම් කළ සංකිලි කුමාරන් ඔහුගේ ප්‍රියතම ආහාරයක් වූ එක්තරා ඉබි විශේෂයක් ඇල්ලීම සඳහා කච්චතිව් දූපතට සිය මිනිසුන් යවා තිබෙන බවයි. කච්චතිව් දූපත එකල යාපනය රාජධානියට අයත් ව තිබූ ඉන් පැහැදිලි වන්නේ යැයි ද ඔවුන් පෙන්වා දී ඇත.

1766දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු ලන්දේසීන් සමග ගිවිසුමකට එළඹෙමින් යාපන අර්ධද්වීපය ආශ්‍රිත ව පැවති දූපත් ලන්දේසීන්ට පවරා දුන් ආකාරය ද ලංකාව පැත්තෙන් මෙහිදී පෙන්වා දී ඇතැයි වාර්තාවල දැක්වේ. එසේ ලන්දේසීන්ට අයිති වුණු යාපන අර්ධද්වීපයේ දූපත් පසුව ඉංග්‍රීසින්ට අයිති වූ බවත්, පසු කාලයක ඉංග්‍රීසීන් එම දූපත් පාලනය කිරීම සඳහා රාමනාද් පෙළපතට භාර කළ බවත් මෙහිදී සඳහන් වී තිබේ. එම පෙළපතේ නියෝජිතයන් ඉංග්‍රීසීන් වෙනුවෙන් බදු එකතු කිරීමේ නිරත වී ඇත.

කෙසේ වෙතත් මේ සාකච්ඡාවලින් පසුව වුවද දූපතේ අයිතිය පිළිබඳ ගැටලු‍ව එසේ ම පැවැතිණි. මේ සංවාදයේදී ඉතිහාසඥයන්ගේ මතය වූයේ ආගමික අයිතියෙන් දූපතේ අයිතිය තීරණය කිරීමට නොහැකි බවයි.
1940 දශකය අග භාගයේදී ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට නිදහස ලැබිණි. එහෙත් කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳ ගැටලු‍‍ව එසේ ම පැවැතිණි. නැවතත් 1950 සහ 1960 යන දශකවලදී මේ පිළිබඳ සාකච්ඡා සිදු විය. මේ කච්චතිව් දූපත පිළිබඳ ගැටලු‍වට විසඳුමක් ලැබුණේ 1974 වසරේදී ය. එවකට ඉන්දියාවේ අගමැති ඉන්දිරා ගාන්ධි සහ ලංකාවේ අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක අතර මේ සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කෙරිණි.

1974 ජූනි මාසයේදී අත්සන් කළ එම ගිවිසුමට අනුව කච්චතිව් දූපත ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට අයත් කොටසක් බව ඉන්දීය රජය පිළිගත්තේය. දූපතේ අයිතිය ලබාගැනීම සඳහා යළිත් සටන් නොකරන බව ඉන්දීය රජයේ ස්ථාවරය විය.

1976 වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තවත් ගිවිසුමක් අත්සන් කරන ලදි. ඒ ගිවිසුමට අනුව මෙරට ධීවරයන්ට ඉන්දියානු මුහුදු සීමාවේ ද, ඉන්දියානු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ද ධීවර කර්මාන්තයේ යෙදීම තහනම් විය.

සැප්තැම්බර් 15 කච්චතිව් නඩුව ගනී. මේ දිනවල ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ආණ්ඩුකාරයාගේ බලය සහ ප්‍රාන්ත රාජ්‍ය ව්‍යවස්ථාදායකය ගැන තීරණාත්මක වාදයක් යයි.
ඒ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක කච්චතිව් ය.

(අන්තර්ජාල ලිපි සහ පුවත්පත් ලිපි මූලාශ්‍ර රැසකින් මෙහි සඳහන් ඓතිහාසික තොරතුරු උපුටාගන්නා ලදි.)

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron