ඊයේ (28) බොරැල්ල ප්රදේශයේ සිදුවූ මාරක රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරේ රියැදුරු අගෝස්තු මසස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළේය.
එමෙන්ම අධිකරණයට ඉදිරිපත් කළ අදාළ රථයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමටත් මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.
බොරැල්ල පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.


