නාමල් නොදන්න දේශබන්දු පැටිකිරිය

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදය අද (5) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.

ඒ අනුව 2002 අංක 5 දරණ නිලධාරීන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය විවාදයට ගැනීමත්, අදාළ ඡන්ද විමසීමත් පැවැත්විණි.

මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ තීරණය කර ඇති අතර එහිදී නාමල් රාජපක්ෂ සිදු කරන ලද ප්‍රකාශය මෙසේය.

” දැන් මම දැක්කා අපේ ඇමතිතුමා කියනවා සිද්ධාලේප ගෑවා කියලා. කාගෙද කොහෙද කියලා අහන්න වෙනවා. කවුද බලන් හිටියේ කියලා”

නමුත් දේශබන්දු තෙන්නකෝන් දහතුන් වසරකට ඉහතදී පුද්ගලයකුට ලිංගික හිංසන ඇතුළු වධ බන්ධන සිදුකළ ආකාරය සහ ඒ වෙනුවෙන් නිලධාරීන්ට අණ ලබා දුන් අයුරුත් අධිකරණ තීන්දුවක් මගින් හෙළි වී තිබේ.

හිටපු හමුදා සෙබළෙකු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින් සිදුකළ වද හිංසා තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ අධිකරණය ඔහුට පුද්ගලික මුදලින් වන්දි ගෙවන ලෙස වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හමුදා නිලධාරියෙකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට නියෝග කර ඇත. එම නඩු තීන්දුවට අනුව රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස රජයට ද නියම වී තිබේ.

විනිසුරු තුන් කට්ටුවක් විසින් 2023 දෙසැම්බර් 14 දා මෙම තීන්දුව ලබාදී ඇත්තේ,හිටපු හමුදා සෙබළ රංජිත් සුමංගල ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවය.

ප්‍රියන්ත ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරුවන්ගේ එකඟතාවය සහිතව ජේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා විසින් නියෝග කොට ඇත්තේ එවකට නුගේගොඩ ප්‍රදේශය භාරව සිටි පොලිස් අධිකාරීවරයා වූ දේශබන්දු තෙන්නකෝන් , මිරිහාන පොලිසියේ හදිසි ඒකකයේ ස්ථානාධිපති භාතිය ජයසිංහ, පොලිස් නිලධාරී බණ්ඩාර සහ විශ්‍රාමික හමුදා සැරයෙන් මේජර් අජිත් වනසුන්දර යන අයට ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහ බැගින් පෙත්සම්කරුට වන්දි ගෙවන ලෙසයි.

එම නියෝගයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ පොලිස් නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම නඩුවේ පිටපතක් ජාතික පොලිස් කොමිසම සහ නීතිපතිවරයා වෙත යොමු කරන ලෙසයි.

2010 වසරේ දෙසැම්බර් මස 18 වැනිදා හමුදා නිලධාරි අජිත් වනසුන්දර සමග ත්‍රීරෝද රථයකින් පැමිණි මිරිහාන පොලිසියේ සේවය කළ බණ්ඩාර සහ පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ යන නිලධාරීන් දෙදෙනා තමන් අත්අඩංගුවට ගෙන දඹර ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියකට රැගෙන ගිය බව පවසන පෙත්සම්කාර රංජිත් සුමංගල, තමන් වධ බන්ධනයට ලක් කළ ආකාරය අධිකරණයට විස්තර කර තිබේ.

එහි සදහන් පරිදි පොලිස් නිලධාරීන් ඔහුට වධ හිංසා පමුණුවා ඇත්තේ දවසක් පුරා නිරාහාරව තබමිනි.

“ඇඳුම් වේලා ගත්තට පසු නැවතත් අර බිල්ඩිමට රැගෙන ගිහින් මාන්චු දාලා මේසවල් යට වාඩි කර තැබුවා. එදා දවසේ අපට කන්න බොන්න කිසිම දෙයක් දුන්නේ නැහැ. පැනඩොල් පෙත්ත ගානේ විතරක් දුන්නා. එදා රැත් අපි මේස යටට වෙලා හිටියා. එසේ සිටින විට උසස් නිලධාරියෙකු අපි සිටි තැනට ආවා. ඔහු එම නිලධාරීන්ගෙන් මොවුන් කවුද කියා විමසා සිටියා. එවිට එම නිලධාරීන් කිව්වා සර් මේ අර සාජන් මේජර්ගේ කේස් එකේ එවුන්. මෙතන හරක් හොරෙකුත් ඉන්නවා කියා කිව්ව බවත් ප්‍රකාශ කර සිටිමි,“ යි රංජිත් සුමංගලගේ පෙත්සමේ සඳහන් වෙයි.

එවක පොලිස් අධිකාරි නිලයක් දැරූ දේශබන්දු තෙන්නකෝන් ලිංගික හිංසන කළ ආකාරය පෙත්සම්කරු විස්තර කර ඇත්තේ පහත අයුරිනි.

“ එවිට එම නිලධාරියා අපිව නිරුවත් කොට එකා පිටුපස එකා තියා ත්‍රීවීල් රබර් පටියකින් අපි හතර දෙනාටම ඇග පුරාවටම පහර දුන්නා. එසේ පහර දෙන ගමන් සිද්ධාලේප අපේ ලිංගේන්ද්‍රියවල ගාගන්නා ලෙස අණ කළා. අපි අපහසුවෙන් ගාගත්තා. පසුව ඒ විට ඔහු නැවත නැවතත් පහර දුන් බවත් ප්‍රකාශ කර සිටිමි. දැවිල්ලත් සමග වේදනාවෙන් සිටින ඒ අවස්ථාවේ ඔහුට දුරකථන ඇමතුමක් ආවා. ඔහු කිව්වා මුන්ට ඇඳගන්න දෙන්න එපා. පැය 2 ක් විතර මෙහෙම තියන්න. මම ආයෙත් එනවා කියා ඔහු ගියා. පසුව එහි සිටි නිලධාරියෙකු කිව්වා එයා වෙනදා මිනිස්සුන්ට ගහන කෙනෙක් නෙමෙයි. ඒත් උඹලගේ කරුමෙට තමයි එයත් උඹලට ගැහුවේ කියලා කිව්වා. එම නිලධාරියා පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් නිලධාරියා බව පසුව මම දැනගත් බවත් ප්‍රකාශ කර සිටිමි.”

වගඋත්තරකරුවන්ගේ ප්‍රකාශ පරස්පර බව සැලකිල්ලට ගෙන ඇති ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම්කාර රංජිත් සුමංගලගේ ප්‍රකාශය ඔහු සමග අත් අඩංගුවේ වධබන්ධනයට ගොදුරුවූ වෙනත් අයගේ දිවුරුම් ප්‍රකාශවලින්ද, මාතලේ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් ජයසේනගේ වාර්තාවෙන්ද සනාථ වන බව පිළිගෙන තිබේ.

මෙලෙස අධිකරණ නියෝග ලබා දී තිබෙන අවස්ථාවක අද පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ විසින් ඉහත ප්‍රකාශය සිදු කරන ලදී.

කෙසේ වුවද 2002 අංක 05 දරණ නිලධාන් ඉවත් කිරීමේ පනත යටතේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීමට අදාළ ඡන්ද විමසීම අද (15) පාර්ලිමේන්තුවේ පැවැත්වූ අතර පොලිස්පති ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 177 ක් ලැබුණි. විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබා නොදුන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් ඡන්දය ලබාදීමෙන් වැළකී ඇත. එහිදී බහුතර ඡන්දයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව සම්මත විය.

දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ 36 වන පොලිස්පතිවරයා වූ අතර ප්‍රථම වතාවට පාර්ලිමේන්තු පනතකින් පොලිස්පතිවරයෙකු ඉවත් කිරීම ද මෙය විය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron