වනෝද්‍යානය නැරඹීම සඳහා ඔන්ලයින් ප්‍රවේශ ලබා ගැනීමට ඊයේ (11) සිට අවස්ථාව හිමි වේ. සිය නිල වෙබ් අඩවියට පිවිස ප්‍රවේශපත්‍ර ලබාගත හැකි බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා(09)දිග පෝලිමක් පැවතීමෙන් සංචාරකයන් දැඩි ලෙස අපහසුවට පත් වූ බව සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එවැනි අපහසුතා වැළැක්වීමේ අරමුණින් , ඔන්ලයින් ප්‍රවේශ නිකුත්කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.


