හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දහ දෙනෙකුගේ කණ්ඩායමකට පුද්ගලික සංචාරයක් සඳහා එක්සත් රාජධානියට යාමට ජනාධිපති ලේකම් කාර්යාලයේන් මුදලින් එක්කෝටි හැට දෙලක්ෂ හැත්තෑ දහස් පන්සිය හැත්තෑ දෙකයි ශත අසූ තුනක මුදලක් විදේශ කටයුතු අමාත්‍යාංශයට බැර කිරීමක් සිදුකර ඇති බව පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ පවසයි.
මේ මුදල සම්පූර්ණයෙන්ම ආවරණය වී තිබුණේ, හිටපු ජනාධිපතිවරයා, එම ආර්යාව සහ පුද්ගලික ලේකම්වරියගේ අදාල වියදම් සඳහා පමණක් බවත්, ඊට අමතරව, ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන වාර්තාව අනුව පොලිසිය සහ නාවික හමුදාවේ දෙදෙනකුගේ වියදම් සඳහා ලක්ෂ තිස් දෙකකට වැඩි වෙනම මුදලක් වියදම් වූ බව වාර්තාවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.
ඉහත මුදල තුළ ගුවන් ටිකට්පත් ගාස්තු අන්තර්ගත වී නොමැති බවත්, බ්‍රිතාන්‍ය තුළ නතරවීමට, ආහාර, ප්‍රවාහනය සහ අනෙකුත් කටයුතු සඳහා වූ මුදල මෙහි අන්තර්ගත බව ඔහු තවදුරටත් සඳහන් කරයි.
පොලිස්පති කාලිංග ජයසිංහ සඳහන් කරන්නේ, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට ගෙවීම් සිදුකර ඇති බවද, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ලන්ඩනයේ ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මෙම ගෙවීම් සිදුකළබවද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය.


