කොටුව මහේස්ත්රාත් අධිකරණය ආසන්නයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
ඒ විපක්ෂයේ පක්ෂ සාමාජිකයන් විසින් ” මර්ධනයට එරෙහිව” යන නමින් ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙනි.
අධිකරණ භූමිය දෙසට කිව් මාර්ගය මේ වන විට ආරක්ෂක අංශ විසින් වසා දමා ඇති අතර, සීමිත පිරිසකට පමණක් ඉන් ඇතුල්වීමට අවසර හිමිවී තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට අධිකරණ භූමියට ඇතුළු වන බැරක් මාවත දෙසට විපක්ෂයේ විරෝධතාකරුවන් පිරිසක් රැස්ව සිටින අයුරු දක්නට ලැබේ.
මේ අතර පොලිස් ජල ප්රහාරක, කැරලි මර්දන ඒකකයේ බට පිරිස්, පොලිසිය සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් උසාවිය අසල රැඳී සිටින අයුරු දක්නට ලැබේ.


