හිටපු ජනාධිපති ලේකම් සමන්ත ඒකනායකට අද (1) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය පැවසුවේ , සමන්ත ඒකනායකට අද දිනයේ පෙනී නොසිටින ලෙස දැනුම් දුන් බවය.
හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදුකළ සංචාරයකට අදාළව සිදුකරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට අද (01) පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට මීට පෙර දැනුම් දී තිබුණි. සිද්ධියට අදාළව මීට පෙරද සමන්ත ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර තිබිණි.


