පිළියන්දල මඩපාත කර්මාන්ත ශාලාවක් තුළදී ඊයේ (01) රාත්‍රියේ පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඝාතනය සම්බන්ධයෙන් යන්ත්‍ර ක්‍රියාකරුවකු ඝාතනයට යොදාගත් තියුණු ආයුධය සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු මඩපාත පොල්ගහ කොට්ටනුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙකි.
සිද්ධියේ ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල තුන් තුන්බෝවිට ගමගේ මාවත පදිංචිව සිටි දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා එම කර්මාන්තශාලාවේ සහකාර යන්ත්‍ර ක්‍රියාකාරයකු ලෙස කටයුතු කරන්නෙක් බව පොලිසිය සඳහන් කරන අතර සැකකරු කර්මාන්තශාලාව තුළදී තියුණු ආයුධයෙන් පහරදී ඝාතනය කරන ආකාරයද එහි සවි කර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබේ.


