පොලිසියේ රඳවගෙන දරුවකුට හිංසා කළ පොලිස් ස්ථානාධිපතිට අධිකරණ නියෝග

රන් භාණ්ඩ හොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව සැකපිට අත්අඩංගුවට ගත් බාල වයස්කාර පිරිමි දරුවෙකු දින දෙකක් තිස්සේ අනීතික ලෙස පොලිසියේ රඳවාගෙන කෲර වද හිංසාවලට ලක් කළ හතර ලියද්ද පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාට, එම දරුවාට සහ ඔහුගේ භාරකරු වන මවට වන්දි ගෙවන ලෙස ජේෂ්ඨාධිකරණය පෙරේදා (1) නියෝග කළේය.

එලෙස අනීතික ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමෙන් එම දරුවාගේ හා භාරකාර මවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කළ ජේෂ්ඨාධිකරණය හතර ලියද්ද පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක වීරකෝන් නමැත්තාට ඔහුගේ පෞද්ගලික මුදලින් වද හිංසාවලට ලක් වූ දරුවාට රුපියල් ලක්ෂ තුනක වන්දියක් සහ දෙවෙනි පෙත්සම්කාර මවට රුපියල් 75,000ක වන්දියක්ද ගෙවන ලෙස නියෝග කළේය.

තවද, බාල වයස්කාර දරුවකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06 ක කාලසීමාව තුළ ඔහුගේ මවට,පියාට හෝ භාරකරුට දරුවා හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කොට තිබේ.

2022 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද බාල වයස්කාර පාසල් සිසුවෙකුට පහර දී ඔහුගේ දෑස් වලට නයිමිරිස් යුෂ වත්කර හිංසා සිදු කිරීම මගින් හතර ලියද්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් ජ්‍යෙෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක මේ බව සඳහන්වේ.

2022.08. 06 වෙනදා හතරලියද්ද පොලිසියට සිය අසල්වැසියෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එවකට වයස අවුරුදු 16 යි මාස 8 ක් වයස ඇති සිය පුත්‍රයාව අත්අඩංගුවට ගෙන පොලිසියේ දින දෙකක් රඳවාගෙන අමානුෂික ලෙස වද හිංසා කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙන්වා දෙමින් එම දරුවාගේ මව එම පෙත්සම ගොනුකර තිබේ.

පොලිස් නිලධාරීන් පෙත්සම්කාර දරුවා 2022 වසරේ අගෝස්තු මස 07 දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව මෙම දරුවා පොලිසියට රැගෙන ගොස් වධ හිංසනවලට ලක් කරමින් ප්‍රශ්න කර ඇතැයි අනාවරණය වූ බව තීන්දුවේ සඳහන් වෙයි.

ප්‍රශ්න කිරීම් සිදුවන අතරවාරයේ දරුවාගේ පාදවලට පොලුවලින් පහර දී වද හිංසා වලට ලක් කර ඇති අතර, ලේන්සුවකට නයි මිරිස් කරල් කිහිපයක් මිරිකා එහි යුෂ දරුවාගේ දෑස් වලට වත්කරමින් වද හිංසා පමුණුවා ඇති බවත් නඩු තීන්දුවේදී ප්‍රකාශ විය.

ඉන් අනතුරුව අදාළ දරුවා ඇප මත මුදා හැරීමෙන් පසු ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් බවත්, එහිදී වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද අධිකරණ වාර්තාව මගින් පොලිස් අත්අඩංගුවේදී දරුවා වද හිංසාවලට භාජනය වී ඇති බව තහවුරු වී ඇති බවත් විනිසුරුන් තීන්දුවේදී ප්‍රකාශ කර තිබේ.

ඉන්පසුව මේ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී අදාළ දරුවා සිය චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් තීන්දුවෙන් පෙන්වා දී තිබේ.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron