ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලුවගේ ඇප ප්රතික්ෂේප කර ලබන දහ අට දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර කරන ලෙස නියෝග කොට තිබේ.
වාහනයට වෙඩි තබා ලිපි වනු පැහැර ගැනීමේ සිද්ධියට කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනවලට අදාලව අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි තුසිත හල්වලුව සැකකරු පසුගිය 19 අත්අඩංගුවට ගනු ලැබීය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු අද (04) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
ඉකුත් මැයි මස 17 වෙනදා රාත්රියේ තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතිඥවරයා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ජීප් රථයට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබුණි.
ඔවුන් පොලිසියට ප්රකාශ කර තිබුණේ, යතුරුපැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු දෙදෙනෙකු ජීප් රථය හරස්කර වෙඩි තබා තමන්ව බිය ගන්වා එහි දොරවල් විවෘත කර, තමන්ට පහරදී තමන් සතුව තිබු ලිපි ගොණුවන්ද රැගෙන පලා ගිය බවයි.
පසුව නාරාහේන්පිට පොලිසිය මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන ආරම්භ කර තිබේ.
එම විමර්ශනවලට අනුව, තුසිත හල්ලොලුවගේ වාහනේට එල්ල වූ වෙඩි ප්රහාරය ඔහු විසින්ම සිදුකළ ඉතාමත් සැලසුම් සහගත ක්රියාවක් බවට අනාවරණය වූ බව පසුගිය 28 පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස්පති ප්රියන්ත වීරසූරිය පැවසීය.


