හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් සිදු කර තිබෙන නඩුව සැප්තැම්බර් 23 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (04) නියම කළේ ය.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ, මෙම අධි චෝදනාපත්‍රය සංශෝධනය කිරීමට අවසරර දෙන ලෙසය.
ඉන් අනතුරුව නඩුව යළි සැප්තැම්බර් මස 23 දක්වා කැඳවන ලෙස නියෝග කළේය.
විත්තිකාර හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ චෝදනා 11 ක් එල්ල කර තිබේ.
2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය තුළ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකොට එච්.එම් චන්ද්‍රවංශ නැමැත්තෙකුට වියලි කලාප සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යාපෘති අධ්යක්ෂ ධුරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් ” දූෂණය” නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනුකර තිබේ.


