Tuesday, March 3, 2026
25.6 C
Sri Lanka

” මගියා ටිකට්පතක් ලබා නොගන්නේ නම් ඔහුට රුපියල් 100ක දඩයක් සහ ගමන්වාරය වගේ දෙගුණයක ගමන් ගාස්තුවක් අය කරන්න අපි තීරණය කරලා තියෙනවා.” – ගාමිණී ජාසිංහ –

ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස් රථවල ගමන් කරන මගීන්ට හෙට (01) දිනයේ සිට දඩයක් නියම කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

එහි ධාවන කළමනාකරු ජීවින්ද කීර්තිරත්න මහතා පෙන්වා දෙන්නේ, ප්‍රවේශ පත්‍ර ලබානොදෙන කොන්දොස්තරවරුන්ට ද දඩයක් නියම කරන බවය.

ඒ අනුව හෙට දිනයේ සිට බස්නාහිර පළාතේ ධාවනය වන බස්රථවල ගමන් ගන්නා මගීන් ප්‍රවේශ පත්‍රය ළඟ තබාගැනීම අනිවාර්යය බව ජීවින්ද කීර්තිරත්න මහතා සඳහන් කළේය.

මේ අතර බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාද පැවසුවේ බස්නාහිර පළාතේ ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ සඳහා හෙට (30) දිනයේ සිට මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම අනිවාර්ය වන බවය.

ඒ අනුව හෙට දිනයේ සිට මගියා විසින් ටිකට් පතක් ලබා ගැනීම සහ කොන්දොස්තරවරයා මගියාට ටිකට්පතක් ලබා දීමද අනිවාර්ය වන බව එම අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී ජාසිංහ මහතා 

“මගියෙක් ගොඩ වුණාම ඔහුට බස් රථයේ අංකය, ගමනාරම්භය, ගමන අවසානය, අනුක්‍රමික අංකය, ගමන් ගාස්තුව, ඇතුළත් ටිකට් පතක් ලබා දීම අනිවාර්ය කරලා තියෙනවා. ඒ වගේම මගියාගේ වගකීමක් තියෙනවා තමන්ගේ පළමු කඩඉම පටන් ගන්න ඉස්සෙල්ලා තමන් ප්‍රවේශපත්‍රයක් ලබා ගන්න ඕනේ. ඒ වගේම එම ප්‍රවේශපත්‍රය ගමනාන්තය දක්වා තමන්ගේ ළඟ තියාගන්න ඕනේ.. අපි අධිකාරියක් විදිහට තීරණය කරලා තියෙනවා ඔක්තෝම්බර් 01 වැනිදා සිට ටිකට් පත් ලබාදීම සහ මගියා විසින් ටිකට්පත් ලබා ගැනීම කියන දෙකම අනිවාර්ය කරලා තියෙනවා. 

මේකෙදි යම් කිසි අවස්ථාවක කොන්දොස්තරවරයා ටිකට් පතක් ලබා නොදී ඉන්නේ නම් ඔහුට එරෙහිව නීතිමය කටයුතු කරන්නත් අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම මගියා විසින් ටිකට් පතක් ලබා නොගන්නේ නම් ඔහුට නීත්‍යානුකූලව කටයුතු කරන්නත් අපි කටයුතු කරනවා. ඒකෙදි මගියා ටිකට්පතක් ලබා නොගන්නේ නම් ඔහුට රුපියල් 100ක දඩයක් සහ ගමන්වාරය වගේ දෙගුණයක ගමන් ගාස්තුවක් අය කරන්න අපි තීරණය කරලා තියෙනවා.” 

Hot this week

විදර්ශන ප්‍රකාශන ආයතනයට අවුරුදු 29 යි ! සංවත්සරය සමරමින් කෘති ගණනාවක් දොරට වඩියි !

විදර්ශන ප්‍රකාශන ආයතනයේ 29 වන සංවත්සරයට සමගාමීව සම්මානිත මහාචාර්ය...

හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

මැදපෙරදිග කලාපයේ උද්ගතව තිබෙන යුදමය ගැටුම්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී...

මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන රජයේ ස්ථාවරය ජනපති කියයි

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට...

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් අදත් ගුවන් ගමන් අවලංගුයි

මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර...

මැදපෙරදිග සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දැනුම්දීමක්

මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron