Wednesday, December 24, 2025
20.4 C
Sri Lanka

අල්ලස් කොමිසම ගැන බොරු කියන අයට නඩු.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට එරෙහිව පදනම් විරහිත සහ නොමග යවනසුළු ප්‍රකාශ ප්‍රචාරය කරන පුද්ගලයන්ට හා ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට දන්වමින් එම කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (02) එම මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, යුක්තිය පසිඳලීමට බාධා කිරීමදූෂණය පිටුදැකීමේ සටන සම්බන්ධයෙන් මහජනයා තුළ ඇති විශ්වාසය අවතක්සේරු කරන පදනම් විරහිත ප්‍රකාශ ප්‍රචාරය කිරීම, අවභාවිතා කළ නොහැකි බවයි.

එමෙන්ම විවිධ සැඟවුණු අරමුණු සහිතව කටයුතු කරන ඇතැම් පුද්ගලයන් හා ආයතන විසින් විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඔස්සේ කොමිෂන් සභාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව  දැඩි කනස්සල්ල පළ කළා.

ඒ අනුව, කොමිෂන් සභාව සම්බන්ධයෙන් වැරදි සහගත ප්‍රචාර සිදු කරන හෝ කොමිෂන් සභාවට හෝ එහි කටයුතුවලට අවමන් කරන පුද්ගලයන් හෝ ආයතන සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත සහ අදාළ අනෙකුත් නීති යටතේ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කොමිෂන් සභාව කිසිසේත් පසුබට නොවන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, මෙම වැදගත් කර්තව්‍ය සම්බන්ධයෙන් ජනතාව නොමග යැවීමට සහ ජනතා අවධානය වෙනතට යොමු කිරීමට දරන උත්සාහයන් පිළිබඳව අවදියෙන් සිටින ලෙස කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම මාධ්‍ය නිවේදනය පහතින් ,

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron