Wednesday, December 31, 2025
20.4 C
Sri Lanka

මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල් වන්නිආරච්ච් අත්අඩංගුවට ගත්තේ ඇයි ?

රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයා වන නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් මස 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ, ඊයේ (ඔක්: 02) දිනයේදී ය.

ඔක්තෝබර් 02 වන දා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

සිද්ධියට අදාළව විමර්ශන් නිලධාරීන් විසින් බි වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ,සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශනයට සහාය නොදීම සහ වත්කම් සම්බන්ධයෙන් පවතින නඩු පහකට සැකකරු වරද පිළිගැනීම මෙන්ම දිගින් දිගටම කළ නියෝග වලට පටහැනිව ක්‍රියා කළ ඇති බවයි.

2014 වසරට අදාල වත්කම් බැරකම් ප්‍රකාශ සැකකරු ලබා දී නැති බවත් වසර අටක් තිස්සේ සිදුකරන විමර්ශනය වරින් වර සැකකරු මඟහැර නම් ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් සඳහන් කර සිටියේ,

” ස්වාමීනී,සැකකරුට වලස් මුල්ලේ අක්කර 3.7 ඉඩමක ඉන්ධන පිරවුම්හලක් තිබෙනවා. පල්ලෙකැලේ රුපියල් ලක්ෂ හතලිස් පහක වියදමින් වැය කළ නිවසක් තිබෙනවා.මහරගම නාවින්නේ රුපියල් ලක්ෂ එකසිය විසිපහක නිවසක් සහ දාසය ලක්ෂ පනස්දහසක වටිනාකමින් යුත් යුත් නිවසක් දෙමටගොඩ ප්‍රදේශයේ තිබෙනවා. තිස්සමහාරාමේ පර්චස් 45.5 ඉදිකෙරෙන හෝටලයක් සැකකරු සතු වන අතර කෝට්ටේ මාදිවෙල රුපියල් ලක්‍ෂ හාරසියක ඉඩමක් සහ බෙලිඅත්ත සහ වීරකැටිය ප්‍රදේශවල බදු පදනම මත ගත් කඩ සාප්පු දෙකක් පවතින බව විමර්ශන අනාවරණය කර තිබෙනවා”

වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ,

“ස්වාමීනි, මේ විමර්ශනය සිදු කරන්නේ ලැබුණු පැමිණිල්ලකට අනුව. එම පැමිණිල්ලට අනුව 2016 දෙසැම්බර් සිට 2017 ජනවාරි දක්වා වත්කම් බැරකම් ලබා දෙන ලෙස සැකකරුට කොමිසම විසින් දැනුම් දුන්නා. ඒ අනුව මාස හතකට පසුව දුන් තොරතුරු විමසා බැලීමේදී සත්‍ය ඒවා නොවන බවට අනාවරණය වීම මත නැවතත් සැකකරුට සත්‍ය තොරතුරු දෙන ලෙස දැනුම් දුන්නත් ලබාදී නැහැ. වසර අටක සිට අවස්ථා කිහිපයකදී ආදයම් වියදම් වාර්තා සහ වත්කම් සම්බන්ධයෙන් විමසීම් කළත් 2025 අගෝස්තු තෙක් සම්පූර්ණ තොරතුරු ලබාදී නැහැ. සැකකරු විසින් 2013.01.01 සිට 2014.1.24 දක්වා වූ කාලය තුළ සැකකරුගේ ආදායම අභිබවමින් සැකකරු මිලියන විසි අටක් උපයා ඇති බවයි කොමිසම කළ විමර්ශනය අනාවරණය කර තිබෙන්නේ,එම තොරතුරු ලබාදෙන ලෙස කරන දැන්වීම්වලදී දිගු කාලයක් ලබාගෙන ඉදිරිපත් කළත් ඒ තොරතුරුත් නිවැරදි සහ සම්පූර්ණ තොරතුරු නොවන ඒවා බවට විමර්ශන අනාවරණය වීම නැවත දියුණුම් ප්‍රකාශයක් දෙන ලෙස දැනුම් දුන්නද තොරතුරු ලබා නොදීම මත 2025.09.26 දින පැමිණෙන ලෙස සැකකරුට දැනුම් දුන්නද යක් ලබා දෙන ලෙස සැකකරු නැවත ඉල්ලා තිබෙනවා. විමර්ශනය සහය දීම වෙනුවට සැකකරු කර ඇත්තේ වසර අටක් තිස්සේ දින ඉල්ලමින් එක දිගට කාලය ගෙවා දැමීමයි. ”

“ස්වාමීනි,ඒ අනුව කොමිසමේ නිලධාරින් පිරිසක් සැකකරු පදිංචි අත්තනයායේ මැදමූලන පිහිටි සැකකරුගේ නිවසට ගියත් සැකකරු එහි සිට නැහැ. දුරකථනයෙන් සැකකරු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් දුරකථනය විසන්ධි කර තිබුණා. එක අවස්ථාවක දුරකථන ක්‍රියාත්මක වී ඇමතුමට සම්බන්ධ වී තත්පර 52 ක වැනි කාලයක් තුළ වෙනත් දිනයක් දෙන ලෙස සැකකරු ඉල්ලා සිටියා. ඒ අනුව නැවත පදිංචි ලිපිනයට ඊයේ ගොස් අද පැමිණෙන ලෙස ඔහුට ලිපියක් ලබාරදුන්නා. සැකකරුට 2014 සිට මේ දක්වා කරුණු අනාවරණය නොකළ වත්කම් රැසක් පවතින බව විමර්ශනාවරණය කර තිබෙනවා. සැකකරුට අයත් ඉහත දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතුයි සංකීර්ණ විමර්ශනයක් ආදායම් ලෙස බස් රථ ටිපර් රථ කුලියට දීම සැකකරු සිදු කර තිබෙනවා. 2017 සිට 2025 වන තෙක් බස් රථ වල සේවය කළ අයගේ තොරතුරු දෙන ලෙස ඉල්ලුවත් දුන්නේ නැහැ. 2015 වසරේ වසරේ තොරතුරු කිහිපයක් ලබා දුන්නත් බස් රථවල සේවය කළ ා දෙදෙනෙක් හැර අනෙක් අය ඥාතීන් සහ හිතවතුන් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ අයගේ ප්‍රකාශ සටහන් කර විමර්ශන කළ යුතුය විමර්ශනයට බාධා කරමින් කල් හැරීමට කටයුතු කර තිබෙනවා මෙතෙක් කළ විමර්ශනයේ මිලියන 28ක් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු නැහැ. ඊට අදාළ බැංකු වාර්තා ඉඩම් රෙජිස්ටර් කාර්යාලවල ලේඛන විශාල ප්‍රමාණයක් පරිශීලනය කළ යුතුය තිබෙනවා”

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ල කරුණු දක්වමින්,

” ස්වාමීනී,සැකකරු හමුදා නිලධාරියෙක්. ඔහුගේ බිරිඳගේ පවුලේ විස්තර දෙන්න කාලය අවශ්‍යයි. ඒකයි වෙලාව ඉල්ලුවේ. මා සතු ලේඛන අඩුපාඩු පවතින බැවින් කල්ගත වන බවට දැනුම් දෙමින් දැනට පවතින ලේඛනය උපරිමයෙන් ලබා දෙන බවට ඔහු සැප්තැම්බර් 26 අල්ලස් කොමිසමට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් ඔහු දිව්රුම් ප්‍රකාශ ගණනාවක් වූ විටින් විට දී තියෙනවා. ස්වාමීනී එම නිසා සුදුසු ඇපයක් මත මගේ සේවා දායකයා මුදා හරින්න.” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැන්වුවා.

සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොමිසමට නියෝග කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ ය.

නෙවිල් වන්නිආරච්චි යනු කවුද?

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙසු නිලවලට අයත් සේවා බළකායට එක්ව නෙවිල් වන්නිආරච්චි යුද්ධ හමුදා සේවයට පිවිස තිබේ.

ඉන්පසු නෙවිල් වන්නිආරච්චි මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පෙර සිට ම ඔහුගේ ආරක්ෂකයා වශයෙන් අනුයුක්ත කර සේවය කරමින් සිට ඇත.

පසුව ක්‍රම ක්‍රමයෙන් සෙසු නිලයන්ගේ ඉහළ ම තනතුරුවලට උසස්වීම් ලබා ඇති ඔහු යුද්ධ හමුදාවේ අධිකාරිලත් නිලයකට පත්ව ඇති අතර, 2014 වසරේදී ඔහු 2011 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි මේජර් නිලයට ස්ථිර කරනු ලැබී ය.

ඒ වන විට නෙවිල් වන්නිආරච්චි කපිතාන් නිලය දරමින් සිටියේ ය.

2019 වසරේදී යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගත් නෙවිල් වන්නිආරච්චි ලුතිනන් කර්නල් ධූරයට උසස් වීම් ලැබී ය.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron