Tuesday, December 30, 2025
21.4 C
Sri Lanka

ජුලම්පිටිය අමරේගේ ඇපෑල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

මිනීමැරිමේ චෝදනාවකට වරදකරු වීමෙන් අනතුරුව තංගල්ල මහාධිකරණය විසින් ජූලම්පිටිය අමරේ හෙවත් ජී.ජී. අමරසිරි නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (ඔක්: 07) තහවුරු කළේ ය.

අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජූලම්පිටිය අමරේ සිය නීතිවේදීන් මාර්ගයෙන් ඉදිරිපත් කළ ඇපෑලක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම ඇපෑල අද සලකා බැලීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්නගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

2012 වසරේදී සිදුකළ ද්විත්ව ඝාතනය

2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට ජූලම්පිටිය අමරේ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබී ය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වරදකරු කෙරුණු ජූලම්පිටියේ අමරේ නමැත්තාට 2019 වසරේ තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.

එම දඬුවමෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජූලම්පිටිය අමරේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබිණි.

එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණය ඉකුත් වසරේ (2024) සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් තංගල්ල මහාධිකරණය විසින් ජූලම්පිටිය අමරේට පැනවූ මරණීය දණ්ඩනය තහවුරු කරමින් ඔහුගේ ඇපෑල නිෂ්ප්‍රභ කළේ ය.

ඔහු ඉදිරිපත් කළ ඇපෑල අද සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එය විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේ ය.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron