Saturday, February 28, 2026
25.1 C
Sri Lanka

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ සිද්ධියට නීතීඥවරයා අත්අඩංගුවට ගන්න පොලීසිය ඔහුගේ නිවසට

ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට වාර්තා වු සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔහුගේ නිවසට ගොස් තිබේ.

පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරියට බාධා කිරීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පැවසුවේය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි අදාළ නීතිඥවරයාගේ නිවසට පොලිසිය පැමිණි අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති බවය.

පසුගිය සිකුරාදා දිනයේ ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට චෝදනාවක් එල්ල වී තිබුණි.

එම අවස්ථාවේ අදාළ නීතීඥවරයා ද තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු සමග පොලිස් කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැනවදින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු විය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ද නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ නීතීඥවරයා විසින් පොලිස්පතිවරයා සෘජුව අමතා සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවට අසත්‍ය මතයක් සමාජ ගතවෙමින් පවතින බව එම නිවේදනයේ දැක් වේ.

නීතීඥවරයා විසින් එම අවස්ථාවේදී දුරකතනය හරහා පොලිස්පතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගන්නා බවට ඒත්තු ගැන්වෙන ආකාරය ඔහු විසින්
 

” ප්‍රියන්ත මගේ ජුනියර් බැජ් එකේ…” ”ප්‍රියන්තට කියන්න මට ගන්න කියන්න. නැත්තම් ප්‍රියන්තගේ නම්බරේ දෙන්න….”

යනුවෙන් සඳහන් ප්‍රකාශ එම වීඩියෝ පට දර්ශනවල දක්නට ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම සිදුවීමට අදාළව එම නීතිඥවරයා සහ පොලිස්පතිවරයා අතර කිසිදු දුරකතන සංවාදයක් සිදු වී නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබේ.

පොලිස්පතිවරයා අදාළ සිද්ධිය දැන ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර කිසිදු අවස්ථාවක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබාදී නොමැති බව සඳහන් වේ.

කෙසේවෙතත් පොලිස්පතිවරයා විසින් අදාළ නිලධාරින් දුරකතනයෙන් සම්බන්ධ වන අවස්ථාව වනවිට සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු බව පොලිසිය පැවසුවේය.

සිද්ධියට අදාළ නඩු විභාගය අද දිනයේ යළි කැදවීමට නියමිතය.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron