දින හතරක මෙහෙයුමකින් පසු ඉෂාරා සෙව්වන්වදි අත්අඩංගුවට

ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වූ ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ නේපාලයේ දී කළ මෙහෙයුමකදී ඇය අත්අඩංගුවට ගත් බවයි.

ඉෂාරා සෙව්වන්දි සමග තවත් පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

දින 04ක මෙහෙයුමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය හා නේපාල පොලිසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේය.

“මීට දවස් 04කට කලින් CID එකයි කොළඹ අපරාධ කොට්ඨාසයයි නේපාලයට ගිහිල්ලා එහේ පොලිසියත් එක්ක කරපු මෙහෙයුමකින් මේ පිරිස අත්අඩංගුවට ගෙන තියෙන්නේ.”

අමාත්‍යවරයා පැවසීය.

ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි.

මෙම සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු පුත්තලම, පාලවීය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකාර ඉෂාරා සෙව්වන්දි නමැත්තිය පළා ගොස් තිබිණි.

ගනේමුල්ල සංජිව නමැත්තා ඝාතනය කිරීම සඳහා යොදා ගත් ගිනි අවිය ‘දණ්ඩ නීති සංග්‍රහය’ පොතක් තුළ සඟවා අධිකරණ භුමිය තුළට ගෙනවිත් වෙඩික්කරු වෙත ලබා දී තිබුනේ ඉෂාරා සෙව්වන්දි බවට පොලිස් විමර්ශකයින් අනාවරණය කර ගෙන තිබිණි.

පසුව සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට රටපුරා මෙහෙයුම් සිදුකළ අතර ඇය සැඟව සිටි බව කියන ස්ථාන රැසක් පොලිසිය විසින් පරීක්ෂා කරන ලදී.

එලෙස විමර්ශන කටයුතු සිදුකළ ද ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වූ අතර මාස 08 කට පසුව ඇය නේපාලයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron