Saturday, February 28, 2026
18.2 C
Sri Lanka

ඉෂාරා සෙව්වන්දි අද දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි අද (15) දින දිවයිනට රැගෙන ඒමට නියමිතව බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

නේපාල ආරක්ෂක අංශ සමග සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දී ඇය නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර 18ක පමණ දුරින් පිහිටි නිවසක රැඳී සිටිය දී අත්අඩංගුවට ගනු ලැබීය.

ඉෂාරා සෙව්වන්දි සමග තවත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඔවුන් අතර දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ සමීපතමයෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව වාර්තා වේ.

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නො‍හොත් ‘ගණේමුල්ල සංජීව’ ඉකුත් පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩිතබා ඝාතනය කරනු ලැබූ අතර, කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වය විසින් අදාළ ඝාතනය සිදුකර තිබුණි.

ඝාතනය සිදුකළ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව එදිනම පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගත් අතර, අනතුරුව විමර්ශන නිලධාරීන් අධිකරණ සංකීර්ණයේ පිහිටි CCTV කැමරා පරීක්ෂා කළ අතර එහිදී අනාවරණ වුණේ කාන්තාවක් ද වෙඩික්කරුගේ සහායට පැමිණ ඇති බවය.

අදාළ කාන්තාව නීති ක්ෂේත්‍රයේ භාවිත කරන පොතක් තුළ වෙඩිතැබීම සඳහා භාවිත කළ ගිනිඅවිය රැගෙන විත් ඇති බවට එහිදී හෙළිවූ අතර, ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ, ඇය මිනුවන්ගොඩ පදිංචි ඉෂාර සෙව්වන්දි නම් කාන්තාව බවය.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron