නීතිඥවරියගේ ෆොටෝ AI තාක්ෂණයෙන් වික්ෘතිකොට සකසා අපහාස කරපු නීතිඥතුමාට වැඩ වරදියි.

පසුගිය ඔක්තෝබර් 14 වන දින කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 41701/01/25 ට අදාළව නීතීඥ කිංසි සඳුන් සංජීව යන අයගේ ක්‍රියාකලාපය නීතීඥ වෘතියට නුසුදුසු බවත්, ඒ පිළිබඳ තමන් විසින්ද නඩු වාර්තාවේ සටහනක් යොදන බවත්, අගතියට පත් පාර්ශවයට ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කරන ලෙසත් විනිසුරුවරයා ප්‍රකාශ කරන ලදී.

මෙම නඩුව අද දින කැඳවන ලද්දේ ඉහත කී සැකකාර නීතීඥවරයා විසින් විවෘත විශ්ව විද්‍යාලයේ තම කණ්ඩායමේම සහෝදර නීතීඥවරියකගේ මුහුණු පොතෙන් උපුටා ගත් ඡායාරූප AI තාක්ෂණය මගින් නිරුවත් ඡායාරූප ලෙස සකසා ඇගේ සත්‍ය නාමයෙන් දුරකථන අංකයක්ද සමග සමාජ ජාල වල සහ වට්ස් ඇප්, ටෙලිග්‍රෑම් සමූහවලට යොමුකර තිබුණි. එමෙන්ම ඉහත කී දුරකථන අංකය සමග සමාජ මාද්‍ය ඔස්සේ සම්බන්ද වන අය සමගද වසර දෙකක් පමණ තිස්සේ චැට් කරමින් තව තවත් විකෘති කරන ලද නිරුවත් ඡායාරූප බෙදාගනිමින් සහ ලිංගික කතාබස් වල නිරත වෙමින් එම සංවාද වල තිර පිටපත් (Screen shots ) යළිත් ඉහත කී සමූහ වලට යොමු කර ඇත.
පැමිණිලිකාර නීතීඥ වරියගේ මුහුණ සහ නම සහිත එකී පළකිරීම් සම්බන්ධව ඇය දැන ගනු ලබන්නේ වසර දෙකකට පමණ පසු සමාජ මාධ්‍ය තුළ ඒව දැක තිබූ වෙනත් හිතවතුන්ගෙන් සහ ගනුදෙනුකරුවන් ලෙස තම සැබෑ මුහුණු පොත හරහා සම්බන්ධ වීමට උත්සහා දරනා පුදිගලයෙන් ගෙනි…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය මගින් සිදු කරන ලද තාක්ෂණික විමර්ශනයකින් අනතුරුව 2025/10/03 දින අත් අඩංගුවට ගත් සැකකරු අධික දියවැඩියා රෝගයෙන් පෙළෙන නිසා කකුලේ ඇඟිලි කීපයක් ඉවත් කරන ලද ශල්‍යකර්මයක් මෑතකදී සිදුකර ඇති බැවින්, ඇප මත මුදාහැරිය ද අද දින නඩුව යළි කැඳවූ අවස්ථාවේ සැකකාර නීතීඥයාගේ ක්‍රියාකලාපය පිළිබඳ කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා දැඩි දෝශදර්ශනයට ලක් කරන ලදී.

2025/10/28 වන දින නඩුව යළි කැඳවීමට නියෝග කරන ලදී.

අගතියට පත් නීතීඥවරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජාලිය සමරසිංහ මහතා, නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටින ලදී..

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron