Wednesday, December 24, 2025
20 C
Sri Lanka

භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය යොදා ගනිමින් රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක්

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව නව්‍ය භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය යොදා ගනිමින් රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

ගෝලීය වශයෙන් වන විනාශය සහ වන විනාශයට සම්බන්ධ නිෂ්පාදන ආනයනය සහ අපනයනය වැළැක්වීම අරමුණු කර ගනිමින් යුරෝපා සංගමය විසින් ඔවුන්ගේ සාමාජික රටවල් වෙත රබර් ආශ්‍රිත නිෂ්පාදන හා රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය අපනයනනය කිරීමේදී අනුගමනය කළ යුතු රෙගුලාසි (EUDR) හඳුන්වා දී ඇත. මෙහි ප්‍රධානතම අවශ්‍යතාවයක් ලෙස රබර් සැපයුම් දාමයන් වනාන්තර විනාශයට දායක නොවන බව සහතික කිරීම සඳහා වගා කරන ප්‍රදේශ නිවැරදිව සිතියම්ගත කිරීම අවශ්‍ය වේ.

එබැවින් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව නව්‍ය භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය (GIS) යොදා ගනිමින් රබර් ඉඩම් සිතියම්ගත කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇත. මෙම වැඩපිළිවෙල යටතේ 2025 වසර තුලදී සියළු කුඩා රබර් ඉඩම්වල භූ ඛණ්ඩාංක ලබා ගැනීමට බලාපොරොත්තු වේ. මෙම ඉඩම් සිතියම්ගත කිරීමේ කටයුතුවලින් පසුව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව QR කේතයක් ගොවීන් වෙත අය කිරීමකින් තොරව නිකුත් කරන අතර, රබර් නිෂ්පාදන වෙළඳුන් වෙත විකිණීමේදී ගොවීන් විසින් මෙම QR කේතයේ ඇතුලත් තොරතුරුද වෙළඳුන් වෙත සැපයිය අනිවාර්ය වේ.

ඒ අනුව රබර් ඉඩම් මැනීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් ක්ෂේත්‍රය වෙත පැමිණීමේදී කුඩා වතු හිමියන් වෙත කැඳවීමක් ලද විට. වතු හිමියන්ගේ සහභාගීත්වය අපේක්ෂා කෙරේන අතර එම අවස්ථාවේ දී ඉඩම් හඳුනා ගැනීමේ පහසුව සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද රබර් සිටුවීමේ බලපත්‍රය, ඉඩමේ ඔප්පු හෝ වෙනත් නෛතික ලියකියවිලි හා ඉඩමේ සැලැස්ම / පිඹුර ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉල්ලිමක් සිදු කරයි.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron