Thursday, December 25, 2025
20.4 C
Sri Lanka

දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඖෂධ ශාක හිඟයක්

දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඖෂධ ශාක වර්ග නොමැතිකමින් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ආයුර්වේද ඖෂධ සංස්ථාව පවසයි.

එහි සභාපති ගීතාමනී කරුණාරත්න මහත්මිය සඳහන් කළේ, සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ටද ඇනවුම් ලබාදීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවය.

ඒ සම්බන්ධ වැඩිදුර අදහස් දැක්වූ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ගීතාමනී කරුණාරත්න මහත්මිය,

"ශ්‍රී ලංකාව පුරා පිහිටා තිබෙන සියලුම ආයුර්වේද රෝහල්, ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා, නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා සඳහා ආර්යුවේද ඖෂධ නිෂ්පාදනය කරන්නේ අප ආයතනයෙන්. අපි වාර්ෂික ඖෂධ නිෂ්පාදනය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කරනවා ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග අනුගමනය කරමින්. ඒ අනුව, අපිට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ඖෂධ, අමු ඖෂධ හෝ වියළි ඖෂධ ලබාදෙන්නේ, මේ අපි ලියාපදිංචි කරන සැපයුම්කරුවන්ට. නමුත් මේ වනවිට එම ලියාපදිංචි කරන ලද සැපයුම්කරුවන්ට සැපයිය නොහැකි ඖෂධ ප්‍රමාණයක් තියෙනව‍ා. මේ ඖෂධ අපේ ඖෂධ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය ඖෂධ. මේ ඖෂධ වර්ග තමයි කෝමාරිකා, කිරාත, රණවරා පොතු, මාර පොතු, අමු හාතවාරිය අල, වියළි දැත්ත අල, අමු වේලා කොළ, වේලා ශාකයෙන් ගන්නෙ. අමු වේලා ශාකය තමයි අපිට ඕනි. දැන් අපේ සැපයුම්කරුවන්ට ලබා දීමට නොහැකි මෙම ඖෂධ සැපයීමට ඔබට යම් කිසි හැකියාවක් තියෙනවානම් ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාව සම්බන්ධීකරණය කරන්න. අපි එම ඖෂධවල ප්‍රමිතිය හා ගුණාත්මක තත්ත්වය පරික්ෂා කරලා මිලදී ගැනීමේ කටයුතු කරන්න පුළුවන්"

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron