Tuesday, December 30, 2025
21.4 C
Sri Lanka

අරගලය ප්‍රජාතන්ත්‍රවාදීව මර්දනය කළ හැටි රනිල් කියයි

මෙරට පැවති අරගලය ප්‍රජාතත්ත්‍රවාදීව මර්දනය කළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, එවැනි අරගල සඳහා ජාත්‍යන්තර බලවේගයන්හී සහාය තිබුණත් නැතත් ඒවාට යටත් නොවී කටයුතු කළ යුතු බවය.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

"අපි ඔක්කෝම ක්‍රියාත්මක කරපු නිසා අපිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න පුළුවන් වුණා. බංග්ලාදේශයේත් ප්‍රශ්නයක් ඇති වුණා. එතැන පාරට බැස්සා අන්තිමට ආණ්ඩුවට වෙඩි තියන්න වුණා. අපිට තරම් උග්‍ර ප්‍රශ්නයක් නෙමෙයි. නේපාලයේ බලන්න සමාජමාධ්‍ය පාලනය කිරීම ගැන. එතැනින් ඇති වුණේ ප්‍රශ්නය. මේවා නෙමෙයි අපිට තිබුණේ ඊට වඩා උග්‍ර ප්‍රශ්න. කෙසේ හෝ ඒක ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ආරක්ෂා කරන්න අපි ක්‍රියා කළා. අපිට ඒක කරන්න පුළුවන් වුණා. අරගලය මර්දනය කරා කියලා බීබීසියෙන්, අල්ජසීරා එකෙන් හැමතැනින්ම කිව්වා. කොච්චර මර්දනය කරාද කිව්වොත් ඊළඟ ජනාධිපතිවරණයෙන් මම පැරදුනා. ඒවාගේ සාර්ථක මර්දනය කිරීමක් මම හිතන්නේ නෑ ලෝකයේ කොහේවත් ඇති වුණා කියලා. අපි යන මාර්ගය අපි හදාගන්න ඕනේ. පිටින් කියන විදියට ඒවා කරන්න බෑ. දැන් තව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා අපේ ප්‍රදේශයට ආසියාවෙන් මේ බලවේග තියෙනවා ද කියලා පිටිපස්සෙන්. අපි ඒවා එකකටවත් යටත් නොවී අපිටම පුළුවන් වුණා මේ ප්‍රශ්නය විසඳා ගන්න."

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“ආර්ථිකයත් හැදුවා. රටේ ඉල්ලීම් තිබුණා එතැන ගෝල්ෆේස් පිට්ටනිය, අරගලය, රට වටේම අපිට පොහොර දෙන්න, අපිට කෑම දෙන්න අපිට ඉන්ධන දෙන්න කියලා. ඒ තුනම ලබලා දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කිව්වා. ඒකත් කරා. දුෂණය නැති කරන්න කිව්වා. දුෂණ විරෝධී පනත සම්මත කරා. එකක් මතක තියා ගන්න, ආසියාවේ පරණම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තමා ලංකාව. අපි මේක අගය කරන්න ඕනේ. මේක ආරක්ෂා කරන්න ඕනේ. ඉදිරියට ගෙනියන්න ඕනේ. ඕනෑම ආණ්ඩුවක යුතුකමක් ඒක. ඒක කරන්න බැරිනම් ආණ්ඩුවකට කියන්න බෑ අපි පාලනය කරනවා කියලා.”

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron