Saturday, February 28, 2026
18.9 C
Sri Lanka

වසර 24කට පසු හිටපු යුද හමුදා කපිතාන්වරයෙකුට ලැබුණ නිදහස

2001 වසරේ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ හලකට කඩා වැදී රම්බෝ පිහියක් හා ගිනි අවියක් පෙන්වා රුපියල් 20,000/- ක වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු යුද හමුදා කපිතාන්වරයකු සහ ඔහුගේ පෞද්ගලික රියැදුරා වසර විසි හතරකින් පසුව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය විනිසුරුවරිය නියම කළාය.

දීර්ඝ විභාගයකින් අනතුර කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම තීන්දුව ලබාදුන්නාය.

ඒ අනුව හිටපු යුද හමුදා කපිතාන්වරයෙකු වන උදයශාන්ත කොඩිතුවක්කු දිසානායක සහ ඔහුගේ පුද්ගලික රියැදුරු වන ඉලංග ශිරාන් යන අය මෙලෙස නිදහස් කිරීමට නියම කෙරුණි.

තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි සඳහන් කළාය.

විත්තිකරුවන්ට එරෙහිව ජංගම දුරකථනයක් කොල්ල කෑ බවට චෝදනා ඉදිරිපත් කර තිබුණද ජංගම දුරකතයක් පිළිබඳව කිසිඳු සාක්කිකරුවකුගෙන් සාක්ෂි අනාවරණය වී නොමැති බවත්  පැමිණිල්ලේ සාක්කිකරුවන්ගේ සාක්ෂි එකිනෙකට පරස්පර බවත් විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළාය.

ඒ අනුව සාධාරණ සැකයෙන් චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරිය සිය තීන්දුව තුළින් සඳහන් කළාය.

මෙම සිද්ධියට සම්බන්ධ ගිනි අවිය වායු රයිෆලයක් බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් වාර්තා කර තිබියදී නීතිපතිවරයා විසින් ගිනි අවි පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබුණි.

2001 වසරේ අප්‍රේල් මස 12 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැලකට කඩා වැදී රම්බෝ පිහියක් සහ ගිනි අවියක් පෙන්වා එහි සිටි සෙල්වරාජා සිවකුමාර් නමැත්තකුගේ රුපියල් 20,000 ක් පමණ වටිනා ජංගම දුරකථනයක් කොල්ලකෑම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

2023 වසරේ මෙම විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ ගිනි අවි චෝදනාව  ඉවත් කරගනු ලැබු අතර ඉන් පසුව සංශෝධිත චෝදනා පත්‍රයක් යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගය පැවැත්වුණි.

ඉන්පසුව පැවැත්වුණු නඩු විභාගයකින් අනතුරුව  මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron