Wednesday, December 31, 2025
20.5 C
Sri Lanka

අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තමේන්තුව මර්දනයේ අවියක් ලෙස යොදා ගන්න එපා – නාමල් රාජපක්ෂ.

අරුණ පුවත්පතේ කර්තෘ මහින්ද ඉලේපෙරුම අපරාධ පරීක්ශණ දෙපා‍ර්තමේන්තුවට කැඳවීම යනු සමස්ත මාධ්‍යවේදීන්ටම කරන අනතුරු හැඟවීමක් හා මර්දනය කිරීමට සැරසෙන බවක් තමන් දකිනා බවත් මෙසේ මාධ්‍ය මර්දනය තමා තරයේම හෙළා දකින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මර්දන නීතිවලට එරෙහිව සටන් කලා යැයි කියන දේශපාලන ව්‍යාපාරයක් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුව යොදවා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දකින බව නාමල් රාජපක්ෂ පැවසීය.

පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ සහතිකයක්ද අවශ්‍ය බව සඳහන් පුවතක් මහින්ද ඉලේපෙරුම කර්තෘත්වය හොබවන අරුණ පුවත් පතේ පළකිරීම නිසා මෙලෙස ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.මුලින්ම පුවත්පත් කොමිසමට පැමිණිලි කිරීම හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමකින් තොරව මෙසේ අයුතු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම මෙම ආණ්ඩුවේ මර්දනය පිළිබඳ හොඳම සාක්ෂියක් නව නාමල් රාජපක්ෂ පැවසීය.

මේ අනුව තමා මාධ්‍ය මර්දනය හෙළා දකින බවත් මෙසේ මාධ්‍ය මර්දනයට හා ආණ්ඩුවේ පටු අරමුණු ඉටුකර ගැනීම අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුව පාවිච්චි කිරීම ඉතා කණගාටුදායක බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron