රනිල්ගේ නඩුව අද! මහජන මුදලින් රට සවාරි ගියාද ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (ජන. 28) යළි කැඳවීමට නියමිත තිබේ.

2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට පෞද්ගලික සංචාරයක් වශයෙන් සහභාගි වෙමින් පැය 36ක් තුළ රුපියල් ලක්ෂ එකසිය හැට හයකට වැඩි මුදලක් වැය කරමින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රනිල් වික්‍රමසිංහට විරුද්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහගේ නඩුකරයට අදාළව මේ දක්වා සිදුකර ඇති විමර්ශනවල ප්‍රගතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමට නියමිත ය.

හිටපු ජනාධිපතිට එල්ල වන චෝදනා මොනවාද ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (28) යළි කැඳවීමට නියමිතව තිබේ. ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2025 වසරේ අගෝස්තු මස 22 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදින ම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ ද බන්ධනාගාරයට රැගෙන යාමෙන් පසුව රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට පත්වීම හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

පසුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටි රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය කමිටුවක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා සලකා බැලූ එවක කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර පසුගිය අගෝස්තු මස 26 වන දා රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට නියම කළා ය.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් බ්‍රිතාන්‍යයට ගොස් බ්‍රිතාන්‍යයේ එවක ශ්‍රී ලංකා මහ කොමසාරිස් වශයෙන් කටයුතු කළ සරෝජා සිරිසේන ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් වාර්තා විය.

එම ප්‍රකාශවල අන්තර්ගතය පිළිබඳවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, රනිල් වික්‍රමසිංහට රාජ්‍ය මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් මහාධිකරණයේ අධිචෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් ඉකුත්දා අධිකරණයට දැනුම් දී තිබිණි.

එම වාතාවරණය මධ්‍යයේ අදාළ නඩුකරය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිත ය.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron