බලංගොඩ කස්සප හිමි ඇතුළු නව දෙනෙකු එළැඹෙන පෙබරවාරි 02 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වවරයා අද (28) නියෝග කරනු ලැබුවා.
ඒ වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින්, ත්‍රිකුණාමලය මුහුදු තීරයේ නීති විරෝධී ඉදිකිරීමක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය විසින් පවරා ඇති නඩුව යළි කැඳවූ අවස්ථාවේදීයි.
2025 නොවැම්බර් 16 වන දින ත්‍රිකුණාමලය වෙරළාසන්න ප්‍රදේශයක වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සහ අනවසර ඉදිකිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි, ත්‍රිකුණාමලය බෝධිරාජ විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහ සිවිල් පුද්ගලයින් පස්දෙනෙකු මෙලෙස අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.
මීට පෙර,
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙනමක් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් විසින් නිකුත් කර තිබෙන නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා (ජන:22) වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සම අද අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර ඉන්පසුව එය කරුණු තහවුරු කිරීම සඳහා (ජන:22) වන ද කැඳවීමටද නියම වුණි.
බලංගොඩ කස්සප හිමි ඇතුළු 10ක් රිමාන්ඩ් කළේ ඇයි ?
ත්‍රිකුණාමලය වෙරළ තීරයේ අනවසර බෞද්ධ ආගමික ඉදිකිරීම් සිදු කිරීම සහ නව බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව් දෙනෙකු සහ තවත් පුද්ගලයින් හය දෙනෙකි.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ වෙරළ සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද මෙම නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් හමුවේ අද (ජන. 19) වන දා කැඳ වූ අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ විත්තිකරුවන් ජන. 28 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ය.
විත්තිකරුවන්ට එල්ල වන චෝදනා මොනවාද?
වෙරළ ආරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් 2025 වසරේ නොවැම්බර් මාසයේදී වෙරළ තීරයේ ව්‍යුහයක් ඉදිකර පිළිමයක් තැබීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
ත්‍රිකුණාමලය කොටුව විහාරයේ විහාරාධිපති පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, සම්බුද්ධ ජයන්ති විහාරාධිපති මිහිඳුපුරේ කල්‍යාණවංශ තිස්ස හිමි, පූජ්‍ය සුකිත්ත වංශ හිමි, සිරිමාපුර විහාරයේ පූජ්‍ය නන්ද හිමි මෙන් ම කොටුව විහාරයේ විධායක කමිටු සාමාජිකයින් වන දීපානි ලියනගේ, විදුරංග ලොකු ගලප්පත්ති, එල්.ටී. පෙරේරා, පියලාල් ප්‍රේමසිරි සහ තේකුම් දුලාර යන පිරිස විත්තිකරුවන් ලෙස නම් කර ඇත.
ඊට අමතරව, සුතිප්ප ලියනගේ සහ සුගත් ප්‍රසන්න යන අය ද විත්තිකරුවන් ලෙස නම් කර ඇත.


