Saturday, February 28, 2026
26.7 C
Sri Lanka

ජාතික නිවාස මෙහෙයුම් කමිටුව ස්ථාපිත කිරීමට අනුමැතිය

ජාතික නිවාස වැඩසටහන සඳහා මාර්ගෝපදේශ සැපයීම, තාක්ෂණික උපදෙස් ලබාදීම, අධීක්ෂණ ගැටලු විසඳීම සහ පසුවිපරම් කිරීම සඳහා ජාතික නිවාස මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීම අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

2024 ජන හා නිවාස සංගණනය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු සංඛ්‍යාවකට නිවාස නොමැති බව අනාවරණය වී තිබේ. විශේෂයෙන් අඩු ආදායම්ලාභී ජනතාව, වතු ප්‍රජාව, ආබාධ සහිත පුද්ගලයින්, ධීවර ජනතාව, නාගරික නිවාස අහිමි පිරිස් සහ විවිධ හේතු මත අවතැන් වූ ජනතාව සඳහා නිවාස නොමැතිකම ප්‍රධාන සමාජ අභියෝගයක් ලෙස හඳුනාගෙන ඇත.

මෙම පසුබිම තුළ සහභාගිත්ව සැලසුම්කරණය, ආර්ථික ඵලදායිතාව, පාරිසරික සුරක්ෂිතතාව, සාමාජීය අන්තර්කරණය සහ සංස්කෘතික යෝග්‍යතාව යන මූලධර්ම මත පදනම්ව වර්තමාන ජාතික නිවාස ප්‍රතිපත්තිය සමාලෝචනය කර යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත.

දැනට අමාත්‍යාංශ, අනුබද්ධ ආයතන, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික අංශය මඟින් විවිධ ක්‍රමවේද යටතේ නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර, එම වගකීම් බෙදී විසිරී පවතින බවද සඳහන් වේ.

2026 වර්ෂය සඳහා නිවාස ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් වෙන්කර ඇති අතර, අපේක්ෂිත අරමුණු ප්‍රශස්ථ ලෙස ඉටුකර ගැනීම සඳහා ජාතික මට්ටමින් ඒකාබද්ධ වැඩපිළිවෙලක් අවශ්‍ය බව හඳුනාගෙන ඇත.

ඒ අනුව ජාතික නිවාස මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

මෙම යෝජනාව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron