ගල් අඟුරු ප්‍රශ්නෙට වාර්තාවක් ඉදිරිපත් කරන්න කමිටුවක්

ගල් අඟුරු සම්බන්ධව මතුව ඇති ප්‍රශ්නය සම්බන්ධව කරුණු අධ්‍යනය කිරීම සඳහා ප්‍රවීණයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්ගෙන් සමන්විතව සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුක් පත් කිරීමට තීරණය වූ බවය.

එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්

මේක ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් සිදුකළේ. මේක අලුත් දෙයක්...මේකේ ක්‍රියාවලිය වෙන්නේ මේ ගල් අඟුරු පටවන වරායේදී වාර්තාවක් ගන්නවා. ඒ ගන්නේ පිළිගත් පරීක්ෂණාගාරයකින්. ඒ වාර්තාව අනුව කිලෝ කැලරි 5900ට වඩා වැඩිනම් තමයි ලංකාව භාර ගන්නේ. ඒ අනුව අද වෙනකොට නැව් 10ක් ඇවිත් තියෙනවා ඒ නැව් 10ම ලෝඩ් පෝට් රිපෝට් එක කිලෝ කැලරි 5,900ට වඩා වැඩියි. 5,900ට වඩා අඩු නම් භාර ගන්නේම නෑ. නැවෙන් ඇවිල්ලා ලංකාවේදි ගොඩබෑවාට පස්සේ රිපෝට් එකක් ගන්නවා ඒ ගන්නෙත් පිළිගත් පරීක්ෂනාගාරයකින්. ඒ පරීක්ෂණාගාරයත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තෝරාගත්ත ආයතනයක්.. මේ ගල් අඟුරු බෑවාට පස්සේ එතැනින් රිපෝට් එකක් ගන්නවා. අන්න ඒ වාර්තාව කිලෝ කැලරි වාර්තාව 5,900ට වඩා අඩු නම් දෙගුණයක දඩයක් අය කරගන්නවා, කිලෝ කැලරි 5,900- 6,100ත් අතර තිබෙනවානම් එක ගුණකයක දඩයක් අයකරනවා. මේක තමයි ක්‍රියාවලිය. මීට පිටින් පරිභාරහිර ක්‍රමයක් නෑ. එහෙම තමයි මේ ක්‍රියාවලිය සිදුවුණේ ඉතිං ප්‍රසම්පාදනයේ කිසි ගැටලුවක් නෑ.

මේ පරීක්ෂණ වාර්තාවල ඇතිවන තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් සහ ඇතිවෙලා තිබෙන පාඩුව ගණනය කිරීම සඳහා ඒ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරන්න මොරටවුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් සමන්විත සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්නට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පියවර අරන් තියෙනවා. 

Hot this week

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...

Topics

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...

එකම දිනක අලුත්කඩේදී ඇහෙන රාජපක්ෂ පවුලේ නඩු තුන

ශිරන්ති, නාමල් සහ යෝෂිත රාජපක්ෂ යන පවුලේ තිදෙනෙකුට එරෙහි...

නාමල් අදත් උදෙන්ම අධිකරණයේ!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron