Friday, February 27, 2026
21.3 C
Sri Lanka

ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දසුන්ගෙන් සංවේදී සටහනක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු වූ දක්ෂතා ඉදිරිපත් කිරීමට තම කණ්ඩායමට නොහැකිවීම සම්බන්ධයෙන් කනගාටු වන බව නායක දසුන් ශානක පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ අද (26) විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ දසුන්,

"මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ඉවත්වීමට සිදුවීමේ කනගාටුව ඔබත් සමග මම බෙදා ගන්නවා. 

එංගලන්තයට එරෙහි තරගාවලිය පරාජය වීම ඇතුළුව නායකත්වය මුහුණදුන් අභියෝග නොතකා කණ්ඩායමක් ලෙස අපි දැවැන්ත විශ්වාසයක්, පැහැදිලි සැලසුම් සහ ඉහළ බලාපොරොත්තු සහිතව මෙම තරගාවලියට පැමිණියා. 

ශ්‍රී ලංකාව සමසත්කාරක රටක් නිසා, පසුගිය පරාජයන් ආපසු හරවා මෙවර ලෝක කුසලාන තරගාවලියේ දිගු දුරක් යාමට අපට හැකියාව ඇති බව මම සැබවින්ම විශ්වාස කළා.

ඔබ බොහෝ දෙනෙකුට මා කෙරෙහි සහ කණ්ඩායම කෙරෙහි දැනෙන කලකිරීම, වේදනාව සහ කෝපය මට සම්පූර්ණයෙන්ම වැටහෙනවා. 

මම නිහතමානීව ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හෝ ක්‍රිකට් පද්ධතිය තුළ වෙහෙස මහන්සි වී වැඩකරන සහ මෙම උරුමය ඉදිරියට ගෙන යාමට උපරිම උත්සාහය දරන ක්‍රීඩකයින්ව  අත්නොහරින ලෙස.

මිලියන ගණනකගේ බලාපොරොත්තු සහ සිහින අපේ උරහිස් මත තබාගෙන සිටින දන්නා විට පරාජය කිසි විටකත් පහසු නෑ.

ක්‍රිකට් ක්‍රීඩාවට ලංකාවේ සුවිශාල ආකර්ශනයක් ඇති පසුබිමක විවේචන, සාකච්ඡා සහ සෑම තැනකම බෙදා ගන්නා හැඟීම් මට තේරුම් ගන්න පුළුවන්. 

කෙසේ නමුත් තත්ත්වය කුමක් වුවත්, මා දන්නා සියල්ල ඉදිරියටත් මම කණ්ඩායම වෙනුවෙන් ලබා දෙනවා.

මම සෑම විටම ක්‍රීඩාව ක්‍රීඩා කර ඇත්තේ එක් අරමුණක් ඇතිව. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන්.

ඔබට ලැබිය යුතු ප්‍රතිඵලය අපට ලබා දීමට නොහැකි වීම ගැන මට කනගාටුයි. අප වෙනුවෙන් පෙනී සිටීම ගැන ඔබට ස්තූතියි"

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron