ඉරාන ජාතික නැවියන් මුණගැසී තොරතුරු ලබාගනිමින් සිටි මාධ්‍යවේදිනියේ රාජකාරියට බාදා කරයි ! “සිද්ධිය දැඩි ලෙස හෙළා දකිනවා” – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

-WHAT NEWS –

ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන ඉරාන ජාතික නැවියන් මුණගැසී තොරතුරු ලබාගනිමින් සිටිය දී පොලිසීයේ යැයි කියූ පිරිසක් තම රාජකාරියට බාධා කරමින් සටහන් පොත් උදුරා ගත්තේ යැයි චෝදනා කරමින් ගාල්ල පොලිසියට පැමිණිල්ලක් කළ බව සිලෝන් ටුඩේ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුලෝචනා රාමයියා මොහාන් මහත්මිය පවසනවා.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් “නිදහස් මාධ්‍ය ව්‍යාපාරය” සංවිධානය සඳහන් කරන්නේ, මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මොහාන් පොලිස් භාරයට ගැනීම දැඩි ලෙස හෙළා දකින බවයි.

අදාළ නාවිකයන් මුණගැසී එම ස්ථානයේ සිටි ඉරාන තානාපති කාර්යාල නිලධාරිනියකගේ භාෂා පරිවර්තන සහායෙන් නිසියාකාරව තොරතුරු ලබාගනිමින් සිටි අවස්ථාවේ මෙම සිදුවීමට මුහුණ පෑ බව තමා කළ පැමිණිල්ලේ සඳහන් වන බවත්,  එහිදී රාජකාරියට බාධා කළ පොලිසියේ අයෙකු සහ ආරක්ෂක නිලධාරියකු තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බවත් මාධ්‍යවේදිනිය විසින් තම සංවිධානය වෙත සඳහන් කළ බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරන්නේ.

කෙසේ නමුත්, පසුව මේ සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාට දුරකථනයෙන් දැනුම් දුන් බවත්, ඉන් අනතුරුව ගාල්ල පොලිසියට පැමිණිලි කළ බවත් සඳහන් කරන මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මොහාන් එලෙස සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වෙතින් විමසූ විට ඔවුන් එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බව සඳහන් කරන බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සුලෝචනා මහත්මිය සඳහන් කර ඇත්තේ, තමන් කළ පැමිණිල්ලෙහි අංකයද පොලිසිය විසින් තමා වෙත ලබා නොදුන් බවයි.

මෙම සිද්ධිය දක්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ, මෙම සිදුවීම නිදහසේ වෘත්තීය කටයුතුවල නියැලීමට මාධ්‍යයට ඇති අයිතියට බාධා කරමින් සිදු කළ අනවශ්‍ය පොලිස් මැදිහත්වීමක් බව තම සංවිධානයේ මතය බවත්, මෙම සිදුවීම දැඩිව හෙළා දකින බවත්, පොලිස්පතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් සොයා බලා වහාම නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ය.

Hot this week

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...

එකම දිනක අලුත්කඩේදී ඇහෙන රාජපක්ෂ පවුලේ නඩු තුන

ශිරන්ති, නාමල් සහ යෝෂිත රාජපක්ෂ යන පවුලේ තිදෙනෙකුට එරෙහි...

නාමල් අදත් උදෙන්ම අධිකරණයේ!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

Topics

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...

එකම දිනක අලුත්කඩේදී ඇහෙන රාජපක්ෂ පවුලේ නඩු තුන

ශිරන්ති, නාමල් සහ යෝෂිත රාජපක්ෂ යන පවුලේ තිදෙනෙකුට එරෙහි...

නාමල් අදත් උදෙන්ම අධිකරණයේ!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron