බලශක්ති ඇමතිට එල්ල වන චෝදනා මොනවාද ?

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත භාර දී තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා බීබීසී සිංහල සේවයට ඒ බව තහවුරු කළේ ය.

මන්ත්‍රීවරයා පැවසූ පරිදි විශ්වාසභංගයට චෝදනා දෙකක් මූලික වී තිබේ.

එල්ල වන චෝදනා

කුමාර ජයකොඩි මීට වසර ගණනකට පෙර සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතා චෝදනාව සහ ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව විශ්වාසභංගයේ ප්‍රධාන කරුණු වේ.

මන්ත්‍රී අජිත් පී. පෙරේරා සඳහන් කළේ, ඉහත චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු රටේ වගකිවයුතු අමාත්‍ය ධූරයක් දැරීම නුසුදුසු බව සිය පක්ෂයේ ස්ථාවරය බව ය.

වසර 10කට පෙර රජයට රුපියල් ලක්‍ෂ 88.5ක අලාභයක් කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබ තිබේ.

එමෙන්ම

නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව විගණකාධිපති නිර්දේශ මත පාර්ලිමේන්තුවේ, රජයේ මුදල් කාරක සභාව විසින් ප්‍රතිපත්තිමය උපදෙස් සපයා තිබියදී රජයේ මාර්ගෝපදේශ ඇතුළු මූලික අවශ්‍යතා උල්ලංඝනය කර කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව නොමග යවමින් ගල් අඟුරු මිල දී ගෙන ඇති බවත්, ඊට සම්බන්ධ වගකිව යුතු සියලු දෙනාට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පාර්ලිමේන්තුවට යෝජනා කළේ ය.

මෙරටට ගෙන්වන ලද ගල් අඟුරු නැව්ගත කිරීම් කිහිපයක ප්‍රමිතියේ පවතින ගැටලු සහ ප්‍රසම්පාදනයේ පවතින ගැටලු සම්බන්ධව මරික්කාර් මන්ත්‍රීවරයා දීර්ඝ වශයෙන් පෙබරවාරි 20 වන දා පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේ වෙතත්, මෙම චෝදනා ද බලශක්ති අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේ ය.

ඔහු පැවසුවේ, ගල් අඟුරු සැපයුම්කරුවන් තෝරා ගන්නා ලද්දේ විගණකාධිපති නිර්දේශ අනුව අනුව බව ය.

“මේක ප්‍රසම්පාදනයේවත් කිසි ම විදිහකින් සැපයුම්කරුවෝ වෙනස් කිරීමේ ක්‍රමවේදයක් හෝ ඒගොල්ලන්ට ෆේවර් කරලා අපි කරලා නැහැ. අපි ඕන වෙලාවක ඩිෆෝල්ට් කරන්න පුළුවන් නම් අපි ඒ වෙලාවට ඩිෆෝල්ඩ් කරනවා. එහෙම ඇරෙන්න අනීතිකව කිසි ම දෙයක් අපිට කරන්න බැහැ, නීත්‍යනුකූලව අපි වැඩ කරන්නේ,” යැයි කුමාර ජයකොඩි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

මේ අතර, ඇතැම් නැව්වල තිබූ ගල් අඟුරුවල ප්‍රමිතියෙහි අඩුවක් තිබූ හෙයින් දඩ මුදලක් ලබා ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පෙබරවාරි 24 වන දා පැවසීය.

කුමාර ජයකොඩි ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකාරවරයා ලෙස පත් කරන ලද්දේ, 2005 වසරේදී ය.

කුමාර ජයකොඩි පවසන්නේ, 2005 වසරේදී අනුර කුමාර දිසානායක කෘෂිකර්ම අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඔහුගේ ඉල්ලීමක් මත එම තනතුර භාර ගත් බව ය.

එතැන් සිට 2015 වසර දක්වා ඔහු එම ධූරයේ සේවය කළේ ය.

මේ අතර, එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශන අවසන් වන තුරු අමාත්‍ය ධූරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඔහු ඉවත් විය යුතු බවට සමාජ මාධ්‍යවල අදහස් පළ වී තිබේ.

අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විමසීම සඳහා ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද, එම කිසිවෙකු මෙතෙක් අපගේ ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා නැත.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නජිත් ඉන්දික අප දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ අය අතර වූහ.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron