ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා සයිබර් ආරක්ෂණ පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගිය දිනක සංවිධානය කරනු ලැබීය. මෙම වැඩසටහන රාජ්‍ය අංශය තුළ සයිබර් ආරක්ෂණ දැනුම වැඩි දියුණු කිරීම සඳහා ගෙන යන අඛණ්ඩ ක්‍රියාමාර්ගයන්හි තවත් එක් පියවරක් වේ.
රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිලධාරීන්ගේ ඩිජිටල් ආරක්ෂණ ධාරිතාව වර්ධනය කිරීම සඳහා කටයුතු කරන ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා සර්ට් ආයතනය වෙත ලබා දුන් උපදෙස් අනුව මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරනු ලැබීය.
මෙම පුහුණු වැඩසටහනට පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පාර්ලිමේන්තු මහලේකම් කුශාණි රෝහනධීර මහත්මියද සහභාගී වූහ.
මෙම පුහුණු සැසි මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා සර්ට් ආයතනයහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් අනන්ද මහතා, ශ්‍රී ලංකා සර්ට් හි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල මහතා සහ සයිබර් ආරක්ෂණ ධාරිතා වර්ධනය කිරීමේ ව්‍යාපෘති කළමනාකරු තිලින දිසානායක මහතා විසිනි.
මෙහිදී සමාජ මාධ්‍ය නෛතික හා වගකීමෙන් භාවිතා කිරීම, සයිබර් ආරක්ෂාව සහ අන්තර්ජාල ආරක්ෂාව, සමාජ මාධ්‍ය තුළ ඇතිවන අර්බුද කළමනාකරණය සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ඇතුළු වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදී. තවද සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින සයිබර් තර්ජන අවකාශය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමටත්, තම වෘත්තීය කාර්යයන්හි ආරක්ෂිත ඩිජිටල් භාවිතාවන් අනුගමනය කිරීමටත් සහභාගීවන්නන්ට අවස්ථාව සලසා දෙන ලදී.
මෙම වැඩසටහන මඟින් අන්තර්ජාල සන්නිවේදනයේ වෘත්තීය ප්‍රමිතීන් රැකගැනීම, සංවේදී තොරතුරු ආරක්ෂා කිරීම සහ එකිනෙකා සම්බන්ධිත ඩිජිටල් පරිසරය තුළ ඇතිවන අවදානම් සහ අභියෝග වලට කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රායෝගික දැනුමක්ද නිලධාරින්ට ලබා දෙන ලදී.
රාජ්‍ය ආයතන තුළ සයිබර් ආරක්ෂණ දැනුවත්භාවය වැඩි දියුණු කරමින් ජාතික මට්ටමේ සයිබර් ආරක්ශණ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා සර්ට් ආයතනය විසින් ගෙන යන පුළුල් වැඩපිළිවෙළක තවත් එක් පියවරකි.


