බස් ධාවනයෙන් ඉවත් වීම වර්ජනයක් නෙමෙයි – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය –

බස් ධාවනයෙන් ඉවත් වීමට අද (23) ගත් තීරණය වර්ජනයක් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග පැරණි බස් ගාස්තුව යටතේ ධාවනය කළ නොහැකි බැවින් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කළ නමුත් මෙය කිසි සේත් වර්ජනයක් නොවන බවය.

නව බස් ගාස්තු සංශෝධනය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට රජයට හැකියාවක් තිබුණු බවත් නමුත් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පියවර නොගැනීම මෙම තත්ත්වයට බලපෑ බවත් ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය යටතේ අද දිනයේදී 90%කට වැඩි පිරිසක් බස් ධාවනයෙන් ඉවත් වී ඇති ඇතැයිද සුළු පිරිසක් බස් ධාවනය කිරීමට කටයුතු කර ඇති බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ මෙම ක්‍රියාව සඳහා කිසිදු බස් රථ හිමියෙකුට බලපෑමක් ඇති නොකළ බවද පැවසීය.

එමෙන්ම පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා ඇති සිසු සැරිය කිසිදු අයුරකින් නවත්වා නොමැති බවත් පැවසූ ගැමුණු විජේරත්න මහතා පැවසුවේ අද දිනයේ නියමිත පරිදි සිසුන් ප්‍රවාහනය සඳහා එම බස් රථ ධාවනයට යොදවා ඇති බවය.

"මේක ප්‍රධාන ගැටලුවකට තියෙන්නේ අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට යොමු කිරීම කියන ප්‍රශ්නේ. පසුගිය කාලය පුරාම ක්ෂණිකව මේ ඩීසල් වැඩිවුණාම පසුගිය ආණ්ඩු මේක ලබා දෙන්න කටයුතු කළා. ආණ්ඩුව දැනගන්න ඕනේ මේක ව්‍යාපාරයක්. අපි කරන්නේ බිස්නස් එකක් කවුරුහරි වැඩ කරනවාද පඩියක් නැතිව. අපිට ධාවනය කරන්න බැරි නිසා තමයි අපි ධාවනයෙන් ඉවත් වුණේ. කෙටි සේවාවට රුපියල් 5,000-6,000ක් පාඩු වෙනවා ඒ වගේම දුර සේවාවට රුපියල් 15,000 - 20,000ක් අතර පාඩු වෙනවා ඒක තමයි අපි දිගින් දිගටම කිව්වේ පාඩුවට දුවන්න බෑ. අපි කොයි වෙලාවේවත් කිව්වේ නෑනේ බස් වර්ජනය කරනවා කියලා. අපි වර්ජනය නෙමෙයි කෙරුවේ පාඩු නිසා ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කළා. 

කොහොම නමුත් අපි අනිවාර්යයෙන්ම දන්නවා බස් ගාස්තුව අද ලබා දෙනවා කියලා. නමුත් මෙතන තව එකක් තමයි පසුගිය ආණ්ඩු, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, අදාළ බලධාරීන් අපිත් සමග සාකච්ඡා කරනවා. නමුත් පසුගිය කාලේ කිසිදු සාකච්ඡාවක් නැතිව තමයි ජාතික ගමනාගමන ප්‍රවාහන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යාංශය කළේ. අපි පොඩි සිග්නල් එකක් දුන්නා අපිත් එක්ක සාකච්ඡා කරලා කටයුතු කරන්න එහෙම නැතිව අපිට ඉස්සරහට ගමනක් යන්න හැකියාවක් නැහැ කියලා."

Hot this week

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...

එකම දිනක අලුත්කඩේදී ඇහෙන රාජපක්ෂ පවුලේ නඩු තුන

ශිරන්ති, නාමල් සහ යෝෂිත රාජපක්ෂ යන පවුලේ තිදෙනෙකුට එරෙහි...

නාමල් අදත් උදෙන්ම අධිකරණයේ!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

Topics

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...

එකම දිනක අලුත්කඩේදී ඇහෙන රාජපක්ෂ පවුලේ නඩු තුන

ශිරන්ති, නාමල් සහ යෝෂිත රාජපක්ෂ යන පවුලේ තිදෙනෙකුට එරෙහි...

නාමල් අදත් උදෙන්ම අධිකරණයේ!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron