සලේ වෙනුවෙන් අධිකරණයට අපහාස කළ මහින්ද පතිරණ ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද විශේෂ වෛද්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් අසත්‍ය සහ දෝෂසහගත තොරතුරු පදනම් කරගෙන කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා දේශපාලන විශ්ලේෂක මහින්ද පතිරණ මහතා අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටියේය.

ඒ මහතා අද දින කොටුව ගරු මහේස්ත්‍රාත්තුමා වෙත විශේෂ කරුණු පැහැදිලි කිරීමේ ලිපියක් යොමු කරමින් මෙම සමාව අයැදීම සිදු කර ඇත.

පසුගිය ජූනි 11 වැනිදා මහින්ද පතිරණ මහතා විසින් සිදු කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් මගින් අදාළ වෛද්‍ය මණ්ඩලයේ සංයුතිය සහ එහි සාමාජිකයන් තේරීම විධායකයේ හෝ රජයේ දේශපාලන බලපෑමක් මත සිදුවූවක් බවට විවේචනය කර තිබිණි. කෙසේ වෙතත්, තමන් වෙත ලැබුණු දෝෂසහගත තොරතුරු මත එම විවේචනය සිදු කළ බවත්, අදාළ වෛද්‍ය මණ්ඩලය පත් කිරීම විධායකයේ බලපෑමෙන් තොරව, නීත්‍යානුකූල ක්‍රියාවලියකට අනුව ගරු අධිකරණයේ ස්වාධීන නියෝගයක් මත සිදුවූවක් බව නිවැරදිව වටහා නොගැනීම පිළිබඳව කණගාටු වන බවත් ඔහු අධිකරණයට යොමු කළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබේ.

තම විවේචනය කිසිසේත්ම ගරු අධිකරණය වෙත එල්ල කළ එකක් නොවන බවත්, තම ඉලක්කය වූයේ රජයේ ක්‍රියාකලාපය විවේචනය කිරීම පමණක් බවත් පතිරණ මහතා සිය ලිපිය මගින් අවධාරණය කර ඇත. කිසිදු අවස්ථාවක අධිකරණයේ අධිකාරී බලයට හෝ අපක්ෂපාතීත්වයට අභියෝග කිරීමට තමන්ට චේතනාවක් නොතිබූ බව ඔහු පවසයි.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ:

“මා විසින් කරන ලද ප්‍රකාශ, ගරු අධිකරණයේ අභිමානයට හෝ ස්වාධීනත්වයට කැළලක් වන අයුරින් අර්ථකථනය වීමට ඉඩකඩ ඇති බැවින්, එහි බරපතලකම මම මැනවින් වටහා ගනිමි. එමඟින් ගරු අධිකරණයට යම් අපහසුතාවක් හෝ අගෞරවයක් සිදුවූයේ නම්, ඒ පිළිබඳව මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර ගරු අධිකරණයෙන් මම කොන්දේසි විරහිතව සහ අවංකව සමාව අයැද සිටිමි.”

තමන් සැමවිටම අධිකරණයේ ස්වාධීනත්වය අගය කරන බවත්, නීතියේ ආධිපත්‍යය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ අභිමානය සහ අධිකරණ පද්ධතියේ පරිශුද්ධභාවය සුරැකීමට සැමවිටම බැඳී සිටින බවත් මහින්ද පතිරණ මහතා සිය සමාව අයැදීමේ ලිපිය මගින් ගරු අධිකරණය හමුවේ සහතික කර තිබේ.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron