බස් ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය

බස් ගාස්තු සංශෝධනයට අදාළව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, දැනට ක්‍රියාත්මක බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සෑම වර්ෂයකම ජූලි මස 01 වන දින බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළ යුතු බවය.

ඒ අනුව 2026 වර්ෂයේ පෙබරවාරි මස සිට මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුකොටගෙන ඉන්ධන මිලෙහි නිරන්තරයෙන් සිදුවන උච්ඡාවචනයන් සහ ඒ හා බැඳුණු අනෙකුත් ධාවන වියදම්, දැනට භාවිත කරන බස්රථ මාදිලි, අමෙරිකානු ඩොලරයේ සිදුවන උච්ඡාවචනයන් මිල සංශෝධනයට සැලකිල්ලට ගනු ලබයි.

තවද බස්රථ අමතර කොටස්වල මිල කෙරෙහි වන බලපෑම, අධිවේගී මාර්ගවල ධාවනය වන බස්රථ සහ මෑතකදී හඳුන්වා දෙන ලද පතුල පහත් ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ලිමිටඩ් යටතේ ධාවනය වන බස්රථ යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්, දැනට පවතින බස් ගාස්තු සූත්‍රය (පිරිවැය දර්ශකය) සහ ගාස්තු ව්‍යුහය යාවත්කාලීන කිරීම, සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත.

එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ අනුව, 2026-06-30 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කරනු ලැබ ඇති ඉන්ධන මිල සංශෝධනය ද සැලකිල්ලට ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් ගාස්තු සංශෝධනය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron