හිටපු ජනපති රනිල්ගේ නඩුව කල්යයි

රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුකරය සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

මෙම නඩුකරය අද (08) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. 

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උද්‍රෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවය.

ඒ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්  මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියාය.

එම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මාතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන සම්පූර්ණ මුදලින් අඩක් පමණ වැය කර තිබෙන්නේ වාහන සඳහා බව විමර්ශකයින් ප්‍රකාශ කර ඇති බවය. 

එහෙත් තම සේවාදායකයාට වාහන ලබා දුන්නේ බ්‍රිතාන්‍ය රජය විසින් බවත් ඊට අදාළව බ්‍රිතාන්‍ය රජය අනුගමනය කළ පියවර ඇතුළත් ලේඛනයක් රජයේ නීතිඥවරියට භාරදුන් ජනාධිපති නීතිඥවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසත් ඉල්ලා සිටියේය. 

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යලි සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස නියම කළේය. 

එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා රජයේ නීතිඥවරියට නියම කළේය. 

2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති සිය බිරිඳගේ උපාධි ප්‍රධාන උත්සවයට සහභාගි වෙමින්  රුපියල් ලක්ෂ 166කට වැඩි රජයේ මුදල් ප්‍රමාණයක් පෞද්ගලික සංචාරයක් සඳහා වැය කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට සැකපිට හිටපු ජනාධිපති රනිල් විකමසිංහ සහ ඔහුගේ ලේකම්වරයා වශයෙන් කටයුතුකළ සමන් ඒකනායක යන මහත්වරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron