පාර්ලිමේන්තුව ජූලි 21 සිට 24 දක්වා රැස් වෙයි

ජූලි 21 සිට 24 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ අනුව එම පාර්ලිමේන්තු සතියේ කටයුතු පසුගිය ජූලි 10 වැනිදා කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.

ජූලි 21 අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා විශේෂ යෝජනා දෙකක් විවාදයට ගෙන අනුමත කිරීම සඳහා වෙන් කර ඇත. ඉන් එක් යෝජනාවක් විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සිදු කළ පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සම්බන්ධයෙනි.

අනෙක් යෝජනාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් විමර්ශනවලදී අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමයි.

එදින පස්වරු 2.30 සිට 5.30 දක්වා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කාර්යසාධනය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාවක් ද විවාදයට ගැනීමට නියමිතය.

ජූලි 22 බදාදා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50ක් සඳහා දිනයේ වැඩි කාලයක් වෙන් කර ඇති අතර, ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කර ඇත.

ජූලි 23 බ්‍රහස්පතින්දා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් රෙගුලාසි දෙකක් අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිත අතර, ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

ජූලි 24 සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනෙන අතර, දිනය අවසානයේ විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාව ද විවාදයට ගැනීමට නියමිතය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron