මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළව තවත් 24දෙනෙකු සැකකරුවන් ලෙස නම් කෙරේ

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තවත් රැඳවියන් 24දෙනෙකු සැකකරුවන් ලෙස නම් කිරීමට පරික්ෂණ දෙපාර්තමේන්තුව අවසර ඉල්ලා සිටි අතර අධිකරණය ඊට අවසර ලබා දී තිබේ.

ඒ මෙම සිද්ධියට අදාළ නඩුව අද (07) මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

ඒ අනුව, කලින් නම් කරන ලද සැකකරුවන් 38දෙනා සහ අද (07) දිනයේ නම් කළ 24දෙනා ඇතුළුව මෙම සිද්ධියට අදාළව මුළු සැකකරුවන් සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් ඇත.

ආරක්ෂක හේතූන් මත මෙම සැකකරුවන්ගේ නම් විවෘත අධිකරණයේ ප්‍රකාශ නොකළ අතර, අදාළ නාම ලේඛනය සහ B වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත්‍රාත්වරිය වෙත භාර දීමට කටයුතු කළේය.

එහිදී කලින් නම් කරන ලද සැකකරුවන් 38දෙනා අද (07) හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කිරීමට නියමිතව තිබුණද, සිද්ධියෙන් තුවාල ලැබූ සාක්ෂිකාර බන්ධනාගාර නිලධාරීන් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් එම හඳුනාගැනීමේ පෙරෙට්ටුව ලබන අගෝස්තු 21 වනදා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මීට අමතරව, අත්අඩංගුවට ගෙන සිටින සියලුම සැකකරුවන් අගෝස්තු 21 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණය, එදිනට සැකකරුවන් 62 දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරුන්ට නියෝග කළේය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේ මෙම සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා, ගිනි අවි ආඥා පනත, පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ වගන්ති ප්‍රකාරව නඩු පැවරීමට කටයුතු කරන බවය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron