අගෝස්තු මාසයේ ගෙවුණු දින 9ට ඩෙංගු රෝගීන් 4,292ක්

වසරේ මේ දක්වා කාල සීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 89,639 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

මාසික දත්ත සලකා බැලීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක්  ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,973කි. 

ඊට අමතරව ජූනි මාසයේදී රෝගීන් 21,533ක්, මැයි මාසයේදී 8,590ක්, ජනවාරි මාසයේදී 7,866ක්, මාර්තු මාසයේදී 6,013ක්, පෙබරවාරි මාසයේදී 5,721ක් සහ අප්‍රේල් මාසයේදී 5,651ක් ලෙස රෝගීන් වාර්තා වී ඇති.

අගෝස්තු මාසයේ මුල් දින නවය තුළ පමණක් රෝගීන් 4,292 දෙනෙකු හඳුනාගෙන තිබේ.  

දිවයිනේ පළාත් අතරින් වැඩිම බලපෑමක් බස්නාහිර පළාතට එල්ල වී ඇති අතර ඉන් සමස්ත රෝගීන්ගෙන් සියයට 52.93ක් එනම් රෝගීන් 47,445 දෙනෙකු වාර්තා වී තිබේ.

ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,302ක්, මධ්‍යම පළාතෙන් 7,971ක්, සබරගමුව පළාතෙන් 7,383ක්, වයඹ පළාතෙන් 4,465ක්, නැගෙනහිර පළාතෙන් 3,703ක්, ඌව පළාතෙන් 2,482ක්, උතුරු මැද පළාතෙන් 1,574ක් සහ උතුරු පළාතෙන් රෝගීන් 1,314ක් ලෙස වාර්තා වී ඇත.  

දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම රෝගීන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය සමස්ත රෝගීන්ගෙන් සියයට 21.27කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,765ක්, මහනුවරින් 6,366ක්, මාතරින් 5,953ක්, කළුතරින් 5,841ක්, ගාල්ලෙන් 4,936ක්, රත්නපුරයෙන් 4,860ක් සහ කොළඹ මහා නගර සභා බලප්‍රදේශයෙන් රෝගීන් 3,613ක් වාර්තා වී තිබේ.  

මේ වන විට මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන් ව ඇති අතර තවදුරටත් දිවයින පුරා අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 119ක් හඳුනාගෙන ඇත. 

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron