අරවින්දට සහ බිරිඳට අධිකරණයෙන් වරෙන්තු

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අද (16) වරෙන්තු නිකුත් කර තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ සම්බන්ධයෙන් දැනට පැවැත්වෙන නඩු කටයුත්තකට අදාළව ඇපකරුවන් ලෙස අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ පෙනී සිට ඇති අතර, අද දිනයේ අදාළ නඩු කටයුත්ත සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට ඔවුන් අපොහොසත් වීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

කෙසේ වෙතත්, වාර්තා වන පරිදි අරවින්ද ද සිල්වා මහතාගේ මව වන රාණි ද සිල්වා මහත්මිය පසුගිය 14 වැනිදා අභාවප්‍රාප්ත වී තිබේ. ඇයගේ අවසන් කටයුතු සහ ආදාහන පූජෝත්සවය අද (16) දිනයේ සිදුකෙරෙන බැවින්, ඔවුන් දෙදෙනාට අධිකරණ කටයුත්තට සහභාගී වීමට නොහැකි වී ඇත්තේ ඒ හේතුවෙන් බව වැඩිදුරටත් අනාවරණය වේ.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron