ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස කැඳවීම් ලබා සිටියදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වූ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය යළි දිවයිනට පැමිණ තිබේ. වාර්තා වන ආකාරයට ඇය මැලේසියාවේ සිට පැමිණි MH 179 දරණ ගුවන් යානයෙන් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා විදේශගත වූ තමන් යළි දිවයිනට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය මීට පෙර අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රයක් ගොනු කර තිබුණි. අත්අඩංගුවට ගැනීමකින් තොරව ආරක්‍ෂිතව ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වන පරිදි ගොනු කළ එම අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රය සලකා බැලීමෙන් අනතුරුව, එය අද (06) දිනයේදී කැඳවීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය නියෝග කර ඇත.

සිරිලිය සවිය ගිණුමක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවත්වාගෙන යන විමර්ශනයකට අදාළව, ප්‍රකාශයක් ලබා දීම සඳහා පෙනී සිටින ලෙස ඇයට මීට පෙර දැනුම් දී තිබුණි. එලෙස දැනුම් දී තිබියදී පසුගිය මස 18 වනදා ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය. ගුවන් තොටුපළින් පිටත්ව යාමට සූදානම් වන අවස්ථාවේදී ද රහස් පොලිස් නිලධාරීන් විසින් ඇයට අදාළ දැනුම්දීම සිදු කර තිබූ බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්, නීතීඥ මනෝජ් ගමගේ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය එලෙස විදෙස්ගත වූයේ ඇසේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා බවයි. ප්‍රතිකාර අවසන් වී යළි දිවයිනට පැමිණි විගස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිට අදාළ ප්‍රකාශය ලබාදීමට ඇය සූදානම් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron