නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්රය අත්යවශ්ය අලුත්වැඩියා කටයුත්තක් සඳහා අක්රිය කර ඇති නමුත්, එමගින් ජාතික විදුලි බල පද්ධතියට හෝ විදුලි සැපයුමට කිසිදු බාධාවක් සිදු නොවන බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) තහවුරු කරයි. බලාගාරයේ පවත්වාගෙන යා යුතු නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස දෙවන ජනන යන්ත්රයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මෙම අක්රිය කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) වෙත නිල වශයෙන් දැනුම් දී ඇත. ජනන යන්ත්රයක් අක්රිය වුවද, පවතින විදුලි ඉල්ලුම සපයා ගැනීමට අවශ්ය සසු අනුපූරක බලශක්ති ප්රභවයන් සහ අනෙකුත් බලාගාර සක්රිය මට්ටමේ පවතින බැවින්, දිවයින පුරා පාරිභෝගිකයන් වෙත ලබාදෙන විදුලි සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි බව එම සමාගම වැඩිදුරටත් දැනුම් දෙයි.


