දිවයින පුරා පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක 12ක පුද්ගලයින් 12,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති අතර, සිසුන්ගේ ආරක්ෂාව සලකා අද (27) දිවයිනේ සියලුම පාසල් සහ පෙරපාසල් වසා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මේ වන විට දිස්ත්රික්ක 12ක පුද්ගලයින් 12,032 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි. පීඩාවට පත් ජනතාවට අවශ්ය සහන සැලසීමට අදාළ අංශ මේ වන විටත් කටයුතු කරමින් සිටී.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද දින දිවයිනේ සියලුම රජයේ පාසල් වසා තැබීමට අධ්යාපන අමාත්යාංශය තීරණය කර ඇත. කෙසේ වෙතත්, දැනට පැවැත්වෙන අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්රායෝගික පරීක්ෂණ කලින් සැලසුම් කළ පරිදි අද දිනයේත් සාමාන්ය පරිදි පැවැත්වෙන බව අමාත්යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මීට අමතරව, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පෙරපාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථාන ද අද දිනයේ වසා තැබීමට පියවර ගත් බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.


