එයාර්බස් ගනුදෙනු නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බැවින්, ඔහුගේ ඇප ඉල්ලීම සලකා බැලීමේ බලයක් තවදුරටත් මහේස්ත්රාත් අධිකරණයට නොමැති බව ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා පවසයි.
ප්රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව යුරෝ මිලියන 1.4කට අධික මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් අධිචෝදනා 24කින් යුත් නඩුවක් කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර ඇත. ඒ අනුව, සැකකරු නොපමාව අදාළ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇති ප්රධාන මහේස්ත්රාත්වරයා, එම ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔක්තෝබර් 30 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙසද දන්වා තිබේ.


