බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධ චෝදනාවලට තමන් වරද පිළිගන්නා බව හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අධිකරණයට දැනුම් දී තිබේ.
නීති විරෝධී ලෙස මෙරටට එකලස් කර හෝ ආනයනය කර ලියාපදිංචි නොකර භාවිත කළ සුඛෝපභෝගී රථයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම නඩු කටයුත්ත පවරා තිබූ අතර, අදාළ චෝදනා සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් පසුව හිටපු අමාත්යවරයා මෙලෙස අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති බව වාර්තා වේ.

